අපි කැබිනට් ඇමතිවරු 4 දෙනෙක් රනිල්ට සහාය දෙන බව පක්ෂයට දැනුම් දුන්නා. තව විශාල පිරිසක් ඉන්නවා – බන්දුල

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එකතුවනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ප්‍රශ්නය – ඇත්තටම පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු, ඇමතිවරු කීදෙනෙක් ජනාධිපතිතුමාට සහාය දෙන්න තීරණය කරලා තියෙනවාද ?

“ඒක ජනාධිපතිවරණය අවස්ථාව වනවිට බලාගත හැකියි. විශාල ප්‍රමාණයක පිරිසක් මගේ දැනීමේ හැටියට ඉන්නවා. අපි කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් මමත් ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමාත් රමේෂ් පතිරණ අමාත්‍යතුමාත් කංචන විජේසේකර අමාත්‍යතුමාත් බොහොම පැහැදිලිව ජනාධිපතිතුමාට සහාය දෙන බව එම පක්ෂයට දැනුම් දුන්නා. ඒ පක්ෂය තවත් යෝජනාවක් සම්මත කළා පොහොට්ටුවේ අපේක්ෂකයාට සහාය නොදෙන අයට විනයානුකූලව පක්ෂය විසින් කටයුතු කරනවා කියලා. ඒ යෝජනාවට අපිත් පක්ෂ වුණා. සියලු දෙනා ඒකමතිකව ඒ යෝජනාවත් සම්මත කළා. එහෙමනෙ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන ක්‍රියාවට එන්නෙ”

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...