අද මෛත්‍රීට ලැබුණු නියෝගය!

Date:

රෂිකා හෙන්නායක ජූලි 30, කොළඹ (LNW):

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පක්ෂ නියෝජිතයින්ට නිකුත් කර තිබූ වාරණ නියෝග නවයක් ඔක්තෝබර් 09වෙනි දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන අද(30) නියෝග කළ බව වාර්තා වේ.

ඇමති මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම හා එම තනතුරුවල වෙනත් පුද්ගලයින් කටයුතු කිරීම වළකාලමින් මෙම වාරණ නිකුත් කර තිබුණු අතර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුන් පැවරුන් නඩු තුනක් සලකා බැලීමෙන් පසුව පසුගිය  අප්‍රේල් මාසයේදී මෙම වාරණ නිකුත් කර තිබිණි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන , සාරථි දුෂ්මන්ත, ෆයිසර් මුස්තාපා හා සරත් ඒකනායක යන මහත්වරුන්ට මෙම වාරණ නිකුත් කර තිබුණු අතර, විත්තියේ විරෝධතා ඔක්තෝබර් 09 දින ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරුවරයා දන්වා සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...