Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

Date:

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්, සතුන් පිළිබඳ විස්තර, ඔබ යන්න ආසාවෙන් බලාගෙන සිටින ස්ථාන, ස්වභාව සෞන්දර්ය, ගංඟා ඇළ ඳොළ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

ජූලි 30, කොළඹ (LNW): ඔබේ ආත්මය මීදුම් සහිත කඳු පන්තියකින්, සශ්‍රීක හරිත පැහැය මුහු වන සොබාදහම අතර සාමකාමී වටපිටාවකට ආශා කරන්නේ නම්, මෙවර Wanderlust Wednesday වෙන් වන්නේ, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් පොහොසත් වූ උස්බිම් ගම්මානවලින් එකක් වන ඇල්ල වෙතයි.

කඳුකරයේ මනරම් අසිරිය නොඅඩු “ඇල්ල

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ හදවතෙහි පිහිටා ඇති ඇල්ල යනු වලාකුළු සිපගත් කඳු මුදුන්, ඝන තේ වතු සහ කඳුරැල්ලෙන් ගලා යන දිය ඇලි වලින් වට වූ සන්සුන් කඳුකර නගරයකි. සංචාරක ගමනාන්තයකට වඩා, ඇල්ල යනු හිත පිනවන සුන්දර නගරයකි. නැවුම් තේ දළුවල සුවඳ, ඈත දිය ඇලිවල ශබ්දය සහ හුස්ම හීල්ලෙන පරිසරය ඔබට ගෙන එන්නේ හරි අමුතු කිතියකි.

ඇල්ලෙ හි නැරඹුම් ස්තානයන්!

🏞️ 1. ඇල්ල පර්වතය (Ella Rock)

කඳු නගින්නන් ගේ ග්‍රහණය නොමඳව ලද ඇල්ල පර්වතය, තේ වතු සහ යුකැලිප්ටස් වනාන්තර හරහා තෘප්තිමත් වටාපිටාවකින් යුක්තය. 

🌉 2. ආරුක්කු නවය පාලම (Nine Arches Bridge)

ශ්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන දර්ශනවලින් එකක් වන ආරුක්කු නවය පාලම, වනාන්තරයෙන් වට වූ යටත් විජිත යුගයේ ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්යයකි. 

💧 3. රාවණා ඇල්ල (Ravana Falls)

රාමායණයේ ජනප්‍රිය රාවණා රජුගේ නමින් නම් කරන ලද රාවණා ඇල්ල පාෂාණමය පර්වතයකින් පහළට ඇද වැටෙන බලවත් දිය ඇල්ලකි. 

🍃 4. Little Adam’s Peak

තේ වතු හරහා ගමන් කරන මාර්ගය අවසන් වන්නේ කඳුකරයේ ස්වාභාවය මනාව දර්ශනය කරවමිනි.

දර්ශනවලට වඩා වැඩි යමක් ඇල්ලෙන් ඔබට!

ඇල්ල යනු ශ්‍රී ලංකාවේ ගැඹුරු තේ සංස්කෘතිය අවබෝධ කර ගැනීමට දොරටුවකි. තේ කර්මාන්ත ශාලාවකට පිවිස, දේශීය සේවකයින් සමඟ කතාබහක නිරත වෙමින්, නැවුම්ව පෙරන ලද සිලෝන් තේ රස විඳින ගමන් ඇල්ලෙහි චමත්කාරය විදීමට ඔබ යා යුතුම ස්තානයක් කීවොත් මා නිවැරදි ය.

ඇල්ල ඔබේ Bucketlist එකට අයත් විය යුත්තේ ඇයි?

• සොබාදහමට ආදරය කරන්නන් සහ කඳු නගින්නන් සඳහා සුවිශේෂී වීම.

• සෑම අස්සක් මුල්ලක් නෑරම විශ්මයජනක ඡායාරූපකරණයකට අත වැනීම.

• සුවපහසු නිවාස සහ පරිසර හිතකාමී නවාතැන්

• වසර පුරා සුන්දර කාලගුණයක් (විශේෂයෙන් මාර්තු සිට ජුනි දක්වා සහ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා) පැවතීම.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

STF වැටලීමකදීයි කොටු වූ ලොකු පැටීගේ ගෝලයා!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : පොලිස් විශේෂ කාර්ය...

ද්වි-රාජ්‍ය විසඳුම’ ක්‍රියාත්මක කිරීමට එක්වෙන්න චීනයෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:‘පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක...

මාලදිවයින් ජාතික විශ්වවිද්‍යාලයේදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවූ ජනපති…

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW: ඊයේ (30) පස්වරුවේ ,...

රෝහිතගේ දියණිය අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : අත්අඩංගුවට ගනු...