අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

Date:

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල සංවාදයක් ගොඩනැගී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේය.

ඒ, අද (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

”ඇත්තටම ලංකාවේ දේශපාලනය ආපස්සට කියවගෙන කියවගෙන යද්දී අතීතයට සාපේක්ෂව ඉතාම මෑත කාලීන දේශපාලන ප්‍රවණතාවන්ට සාපේක්ෂව බැලුවහම අපි මීට පෙර කවදාවත්ම දැකපු නැති තරමේ රටේ ඊළඟ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ලොකු සංවාදයක් ජාතික තලයේ දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔබට ඇහෙනවද කිසිම තැනක ඊළඟ සැරේ ජනාධිපති අනුර කුමාර දිසානායක කියල කවුරුහරි කියනවා. අවම වශයෙන් ප්‍රධාන විපක්ෂය ඊළඟ ආණ්ඩුව ගනියි කියල කවුරුහරි කියනවා ඔබට ඇහිලා තියෙනවද? හැබැයි නාමල් රාජපක්ෂ ඊළඟ ජනාධිපති කියන සංවාදය අපි හදපු එකක් නෙවෙයි ස්වාභාවිකව එවැනි සංවාදයක් රට ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. එය කවුරුන් විසින් හෝ කෘතිමව නිර්මාණය කළ එකක් නෙවෙයි ඒක ස්වභාවික ලෙස ගොඩනැගිච්ච සමාජ මතයක්” යනුවෙන් ඔහු එහිදී සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා බැඩිමින්ටන්වලට දින දෙකට ලෝකයෙන් අනු සූරතා හතරක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: තායිලන්තයේ පතායා හී පැවති Amazing Thailand-Pattaya...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිය අනතුරකින් තුවාල ලබයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉලංගෛ තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ...

අදත් බැකෝ සමන්ගේ ගෝලයකු ආයුධත් සමඟ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන...

අවුරුදු 16ට අඩු දරුවන්ට ශක්තිජනක පාන වර්ග තහනම් කිරීමට එංගලන්තය සැරසේ….

එංගලන්තයේ වෙසෙන අවුරුදු 16ට අඩු දරුවන්ට රෙඩ් බුල්, මොන්ස්ටර්...