චෙම්මනි සමූහ මිනී වලේ සත්‍ය හෙළිකර යුක්තිය ඉටු කරනු කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: චෙම්මනි සමූහ මිනී වලේ සත්‍ය හෙළිකර යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් අද (30) පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.

එය සංවිධානය කර තිබුණේ ”යුක්තිය උදෙසා මහජනතාවගේ බලය” සංවිධානය විසිනි.

තවදුරටත් රාජ්‍ය අපරාධ වසා දැමීම නැවතිය යුතු බවයි එහිදී අවධාරණය කෙරුණේ.

අයෙකුට යුක්තිය අහිමි කොට තවත් අයෙකුට යුක්තිය දිනාගත නොහැකි බව එහිදී පෙන්වා දෙන ලදී.

චෙම්මනි සමූහ මිනි වලේ කැණීම් අදියර වශයෙන් ක්‍රියාත්මක වන අතර මේ වන විට ක්‍රියාත්මක වන්නේ එහි තුන්වන අදියරයි. මේ වන විට කැණීම් කටයුතු සිදු නොවන අතර එළඹෙන අගෝස්තුවේදී නැවත එහි කැණීම් ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායමක් විසින් එම කැණීම් කටයුතු සිදුකරනු ලබයි.

මේ වන විට එම ස්ථානයෙන් මිනිස් ඇටසැකිලි 480ක් සොයා ගෙන තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...