පොලිස්පති ගැටලුවට මැතිවරණ කොමිසමේ මීළඟ පියවර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පොලිස්පතිවරයකු හෝ වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ, එම කොමිසම ඊයේ (30) රැස්වූ අවස්ථාවේදී ය.

මෙම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසත් ලිඛිතව දැනුම් දීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ.

මීට අමතරව ජනාධිපතිවරණයට අදාළ තවත් කරුණු ගණනාවක්ම මෙම රැස්වීමේදී සාකච්ඡාවට භාජනය කර ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම පළමු වරට රැස්වූයේ ඊයේ දිනයේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...