වත්මන් පරපුර ගැන මෙන්ම නූපන් අනාගත පරපුර ගැනත් සිතා හරිත කේන්ද්‍රීය තිරසර සංවර්ධනයකට යා යුතුයි – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය හරිත කේන්ද්‍රීය ගමනක් යන බවත් පාසල් දරුවන්ද හරිත කේන්ද්‍රීය ගමනක් යමින් ස්වාභාව ධර්මය, වනජීවීන්, වෘක්ෂලතා රැකගෙන හරිත සංකල්ප කේන්ද්‍රීය තිරසර සංවර්ධන වැඩපිළිවෙළකට යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්මන් පරපුර ගැන මෙන්ම නුපන් පරපුර ගැනත් සිතිය යුතු බවත් නුපන් පරපුරට දායාද කරන රට ගැනත් සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 382 වැනි අදියර යටතේ කළුතර පානදුර උපාද්‍යාය විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

තොරතුරු තාක්ෂණයට සහ පරිගණක විද්‍යාවට යොමුවන අතරේම ලෝක⁣යේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ තිරසර ප්‍රතිපත්ති නිසා ඒවාද හැදැරිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අප සෑම විටම දිගුකාලීන ව සිතිය යුතු බවත් රටේ සංවර්ධනය, රටේ අනාගතය ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 382ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4262ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...