අපේ ප්‍රධානතම ප්‍රතිවාදියා සජිත් ප්‍රේමදාසගේ කඳවුර, එහෙම නැතිව අපෙන් වෙන්වෙලා ගිය අය නෙවෙයි – නාමල්

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වනවා නම් එසේ සන්ධානගත වන්නේ පුද්ගලයින් කේන්ද්‍ර කරගෙන නොව ප්‍රතිපත්තිමය කාරණා මත බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“නාමල් රාජපක්ෂ නියෝජනය කරන්නේ පක්ෂය. මේ ප්‍රශ්නය තියෙන්නෙ පුද්ගලයෝ එක්ක ගනුදෙනු කරපු අය හිතනවා මේ පිටුපාන්නෙත් පුද්ගලයෝ කියලා. පුද්ගලයෝ නෙවෙයි, අපි නියෝජනය කරන්නෙ කඳවුරක්. අපි නියෝජනය කරන කඳවුර ආරක්ෂා කිරීමේ වගකීමක් අපට තියෙනවා. ඒ නිසා යම්කිසි දේශපාලන කඳවුරක් අපි නියෝජනය කරනවා නම් ඒ කඳවුර ශක්තිමත්ද, දුර්වලද කියන කාරණය නෙවෙයි ඒ මතවාදය අපි රකින්න ඕනෙ. ශක්තිමත්ද දුර්වලද කියලා හිතලා තීන්දු ගන්නවා නම් ඇයි අපි පක්ෂයක් හදන්නෙ ? අපි පක්ෂයක් විදියට සන්ධානගත වෙනවා. හැබැයි ඒ සන්ධානගත වෙන්නෙ ප්‍රතිපත්තිමය කාරණා මත. යම්කිසි හෙයකින් පුද්ගලයෝ කේන්ද්‍රගත කරගෙන සන්ධානගත වෙනවා නම් ඒ සන්ධානය සාර්ථක වෙන්නෙ නෑ. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට එකඟතාවයක් මත සහයෝගය දුන්නා. හැබැයි යම්කිසි හෙයකින් යම්කිසි කෙනෙක් හිතනවා නම් අපි මේ දේශපාලන පක්ෂවල එක එක්කෙනා බාගෙන අපේ කඳවුරට බඳවාගැනීම තුළ ඡන්ද දිනන්න පුළුවන් කියලා ඡන්ද දායකයා එතන නෑ”

ප්‍රශ්නය – කවුද ප්‍රතිවාදියා ?

“මං හිතනවා මේ වෙලාවේ අපට පක්ෂයක් විදියට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කඳවුර තමයි අපේ ප්‍රධානතම ප්‍රතිවාදියා. එහෙම නැතිව අපෙන් වෙන්වෙලා ගිය අය නෙවෙයි”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...