නැවත අරගල කරන්න ඉඩ නෑ – ආරක්ෂක ලේකම්

Date:

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW):

ජනාධිපතිවරණයේ ප්‍රථිපල යළි අරගලයක් ඇතිවීමට බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW):

එහිදී මාධ්‍ය වේදියෙකු අසා සිටියේ, “ලංකාවේ යම් පිරිස් කියලා තියෙනවා ඔවුන් අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵල ලැබුණේ නැත්නම් ලංකාවේ සමහරවිට දෙවැනි අරගලයක් වෙන්න පුළුවන් කියන එක. නැවත එවැනි දෙයක් වළක්වා ගැනීම සඳහා ලංකාවේ ආරක්ෂක අංශ මීට වඩා දිරිගැන්විලා ද ඉන්නේ ?

ඊට පිළිතුරුදෙමින් ආරක්ෂක ලේකම්වරයා පවසූවේ,

“ඒ වෙලාවේ ඇති වුණ තත්ත්වය ඉතාම හදිසියේ ඇතිවුණ තත්ත්වයක්. නමුත් අපි සියලුදේ අධ්‍යයනය කළා ඇයි මෙහෙම වුණේ? කොහොම ද මෙහෙම වුණේ ? කවුද මේකට වගකිව යුත්තේ කියන හැමදේම හොයලා ඒවට අවශ්‍ය නිති පියවර අරගෙන තියෙනවා. ඒ නිසා මම හිතන්නේ නෑ ඒ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා. මොකද ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න ආවොත් පොලීසිය සැදී පැහැදි ඉන්නවා. පහුවෙලා හරි ආරක්ෂක අංශ විශාල මැදිහත්වීමක් කළ නිසා තමා මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණේ. නමුත් ඒ වෙද්දිත් විශාල හානියක් වෙලා තිබුණේ. කොහොම වුණත් නැවත එවැනි තත්ත්වයක් ඇති වෙන්න ඉඩක් නෑ.”

ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ ජනාධිපති මාධය කේන්ද්‍රෙය් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...