විමල්ගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහි නඩුවක් නීතිපති උපදෙස් සඳහා ලබන ජනවාරි 29 වනදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40 ක් අවභාවිත කරමින් රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බවට විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති විමල් වීරවංශ ,මොහොමඩ් මුසම්මිල් , සමන්ත ලොකුහැන්නදිගේ ඇතුළු කිහිප දෙනෙකු නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි බව සඳහන් වේ. මේ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීම හේතුවෙන් එය ජනවාරි 29 වනදා කැදවීමට නියම වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....