තව එකපාරක් සාකච්ඡා කරන්න – නියෝජ්‍ය කාතානයක ජනපතිගෙන් ඉල්ලයි.

Date:

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW):

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග තවත් එක්වරක් සාකච්ඡා කරන ලෙස නියෝජ්‍ය කාතානයක අජිත් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බව පැවසේ.

නියෝජ්‍ය කතානායකවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත්ත් ජනාධිපති තුමාගේ ප්‍රදානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්වෙමිනුයි.

මෙම ඉල්ලීම තමාගේ පෞද්ගලික ඉල්ලීමක් බවත් ජනාධිපති තුමා සහ අගමැති තුමා එක්ව හෝ නැත්නම් විශේෂ කමිටුවක් මගින් හෝ අවසන් වරට තවත් එක්වතාවක් මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ  පිළිබද සාකච්ඡා කරන ලෙසට නියෝජ්‍ය කතානායකවරයා මෙහිදි ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

උපුටා ගැනීම

මේක ඉතාම සංවේදී අවස්ථාවක්. හදවතට දැනෙන් ප්‍රශ්නයක්. නමුත් අපි හොද බුද්ධියකින් මේ අවස්ථාවේ දී කටයුතු කළ යුතුයි. අපි අවුරුදු ගණනාවක් වැඩකළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ. එතුමාගේ උපදෙස් වලට අනුව. ඒක හින්දා තවත් වතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් හැකි නම් සාකච්ඡා කරන්න. කොහොම වුණත් ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනවා. ඒක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරගන්න අපි කටයුතු කරමු.

යනුවෙන් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදි සදහන් කර තිබෙනවා. එම යෝජනාව නිවැරදි බවත් ඒ අනුව තවත් අවස්ථාවක් මහින්ද රාජපක්ෂ මහතා සමග මේ ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි පවසා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...