සටහන – රුවන් නෙළුගොල්ල
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව ගණනය කෙරෙන උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.4% ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම අගය 2024 ජුනි මාසයේදී පැවතියේ 1.7% ක් වශයෙනි.
එහිදී 2024 ජුලි මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය 1.5% දක්වා වැඩි වී ඇති අතර එය 2024 ජුනි මාසයේදී වාර්තා වී තිබුණේ 1.4% ක් ලෙසිනි.
2024 ජුනි මාසයේදී 1.8% ක් ලෙස පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.8% ක් දක්වා වැඩිවී තිබේ.