*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මැරතන් අභියෝගය ජයගත් අම්මා

ඇය අප්‍රතිහත ධෛර්යයේ කැටපතක් බඳුය.අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සටන් වැදෙන අතරේම ඒ ඉලක්කය හඹා යාමේදි හමුවන සියල්ල ආශිර්වාද කර ගනු විනා බැහැර කරන්නට නොයන්නේය.ඒ දැඩි ආත්ම විශ්වාසයක් ඇය සතු නිසාය.ඒ ආත්ම විහ්වාසය පෝෂණය කරන රැකවල් මෙන්ම ආරක්ෂාව ද ඇය සතු වීම භාග්‍යයකි.

මේ පූර්විකාවේ හිමිකාරිය මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා මැරතන් තරගය ජයගත් ජෙසිකා ස්ටෙන්සන්ය.ඇය 34 හැවිරිදි තාරුණ්‍යයෙන් ඈත් වෙමින් සිටින එහෙත් ඊට අභියෝග කරන වයස යනු ඉලක්කම් පමණක් බව සනාත කරන්නියකි.

ස්ටෙන්සන්ගේ නම මිට පෙර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් සටහනේද දෙවරක්ම රැඳී ඇත.ඒත් මැරතන් ඉසව්වෙන්ය.2014 දී සහ 2018 දී ඇයගේ නම සටහන් වී තිබෙන්නේ ලෝකඩ පැහැයෙන්ය.ඇයට මේ පැහැය වෙනස් කර ගැනීමේ උවමානව දැඩිව විය.ඒ සඳහා ඇයට ජීවිතයට බැදුණු සිය සැමියා ඩයිලාන්ගෙන් ඇයගේ පෙළපත් නාමය වූ ට්‍රීන්ගෝව් වෙනුවට ස්ටෙන්සන් පමණක් නොව දැඩි රැකවරණයක් සහ අත්වැලක්ද ලැබිණ.
ආදරයේ එක් බලාපොරොත්තුවක් හැටියට ඔවුන්ගේ කැදල්ලට බිලි එන්නේ 2019 දි ය.ජෙසිකා මවක් වීම නිසා ඇයට පිට පිටම තෙවන වරටත් ඔලිම්පික් නියෝජනයට තිබුණු අවස්ථාව අහිමි වන්නේය.එහෙත් ඇය ශක්තිවන්තව 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ගැන හීන බැන්දාය.ඒ සඳහා අයට ජානමය වශයෙන් ගෙනා ශක්තිමත් විශ්වාසයක්ද විය.සිය සොහොයුරා දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් මෙන්ම සොයුරිය දක්ෂ මල්ලව පොර ක්‍රීඩිකාවක් වූවාය.එසේම ජෙසිකා ද නෙට්බෝල් සහ පැසි පන්දු ක්‍රීඩාවේද හපන්කම් පෑ තැනත්තියක් වූවාය.මැදි දුර ඉසව්වලින් දුර දිවීම් වලින් ජාතික නියෝජනයට පිවිසෙන්නට පෙර ඇය දුර පැනීමද නියෝජනය කරමින් මීටර් 6.68 ක දුරක් පැන ඇත්තියකි.ශ්‍රී ලංකාවෙ ජාතික වාර්තාවද මීටර් 6.65 කි.

එහෙත් මේ ගමණේ තීරණාත්මක මොහොතක බර්මින්ග්හැම් එන්න මසකට පෙර ජෙසිකා කොවිඩ් ආසාධනයට ගොදුරු වූවාය.බලාපොරොත්තුවල මුල් බුරුල් වුව ඇය එිවා රැක ගන්නට දිරියෙන් හිත හදා ගත්තාය.වැටෙන්නට යන රුක්ෂයට කර දෙන්නට වෛද්‍යවරු,හෙද හෙදියන් මෙන්ම ආදරණිය ඩයිලන් ද ජෙසිකාගේ පසෙක විය.ඇයට ද යළි නැඟිටින්නට හැකි ආකාරය ගැන දැණුමක් ක්‍රිඩා පුහුණුවෙන් මෙන්ම ඇය සුදුසුකම් ලබා ඇති වෘත්තියෙන්ද ලැබිණි.ඇය භෞත චිකිත්සකවරියක් මෙන්ම ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධ උපදේශකවරියකද වන්නීය.
හිටපු ඇඩිලේඩ් පාපන්දු සමාජයේ ක්‍රීඩකයින් වන ටෝනි මැක්ගිනස් සහ ක්‍රිස් මැක්ඩර්මොට් විසින් ආරම්භ කරන ලද මැක්ගිනස් මැක්ඩොර්මොට් පදනම අද හඳුන්වන්නේ ලිට්ල් හීරෝ පදනම හැටියටය.ජෙසිකා එහි තානාපතිවරියක් ලෙද පිළිකා රෝගයෙන් පෙළෙ දරුවන්ගේ ප්‍රතිකාර සඳහා මැදිහත්ව ඒ ස්වේච්ඡා සංවිධානය වෙනුවෙන් ද කටයුතු කරන්නීය.

ඇය ක්‍රීඩාවට මෙන්ම ජිවිතයට ද අත්ශයින් වැදගත් මාර්ගෝපදේශිකාවකි.ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා එක් වරක උත්සාහයකින් නොනැවති නැවත නැවත ඒවා වෙහෙසකින් තොරව හඹා යාමේ හැකියාව දුලබය.නමුත් ජෙසිකාට ඒ හැකියාව ඇත.වසර 12 ට පසු ඇය රන් පදක්කමකින් තමන්ගේ ලෝකඩ පැහැයෙන් තිබූ ජයග්‍රහණ රන් පැහැයට හරවා ගැනීමට තරම් නොපසුබස්නා වීර්යෙන් යුක්තව දිව්වාය.කිලෝ මීටර් 42 ට වැඩි දුරක් දුවමින් සපුරා ගත යුතු රන් සිහිනය ඇය සාක්ෂාත් කරගත් තැනට එන්නට දරු ප්‍රසූතියෙන් පසුව ඇය ඉදිරිපත් වූ පළමු තරගයෙන්ම බලාපොරොත්තු ඇති කළාය.

“දරුවෙක් ලැබුණම ගොඩක් දේවල් වෙනස් වෙනවා.ඇය පවසන්නේ ය.ඒත් ජයග්‍රහණ අපේක්ෂාවන් සඳහා සිය සිරුර හැඩ ගැසෙන්නට බාධාවක් නොවන බව ප්‍රසූතියෙන් පසු පළමු තරගයෙන්ම ඔප්පු කර ජෙසිකා මේ දක්වා වාර්තා කළ ඇඟේ හොඳම කාලය වාර්තා කරමින් පර්ති හි දී එම තරගය ජයගත්තේ පැව 2:25;13 දී ය.ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගය ජයගත්තේ පැය 2:27;31 ක කාලයකදී ය.මාර්ගට් වන්ගාරි දෙවැන්නිය වී කෙන්යාවට එම ඉසව්වේ රිදි පදක්කම දිනා දුන්නාය.ඇයට ගත් වූ කාලය පැය 2;28;00ක් වූ අතර නැමීබියාවේ හෙලලියා ජොහැන්නස් 2:28;39 ක කාලයක් වැය කරමින් තෙවැන්නිය වූවාය.තරගය හොඳ මට්ටමක පැවත්වුණු තරගකාරි කරට කර තරගයක් වන්නේ ජෙසිකා සිය හොඳම කාලීන දක්ෂතාවයටත්,මාර්ගට් සිය හොඳම පෞදිගලික දක්ෂතාවයත්,හෙලලියා හොදම කාලින දක්ෂතාවයත් මේ තරගයේදී පෙන්වා ඇති බැවින්ය.එසේම මුල් දසදෙනා අතර පළමු ස්ථාන තුනට අමතරව හොඳම කාලීන දක්ෂතාවය වාර්තා කළ සිව්දෙනෙක් සහ හොඳම පෞද්ගික දක්ෂතාවය ප්‍රදර්ශනය කළ අයෙක්ද සිටිමෙන් ජෙසිකා ජයගෙන ඇත්තේ පහසු තරගයක් නොවන බව පැහැදිළිය.
ඇය ඒ අපහසු කඩඉම නිම කරද්දි තවමත් හරි තේරුමක් නැතුව හෝ පුංචි බිලී ද අවසන් රේඛාව අසළ ජෙසිකාගේ ජයෙන් උදම්වන පිරිස අතර රැදි සිටියේය.ඔහු සතුටින් ජාතික ධජය පොරවාගෙන සිටින මවගේ අතේ සිට සිනාසුණේ පැය ගණනාවක් අහිමිව තිබූ සව් උණුසුම ලැබීමෙන් ද නැතිනම් දහස් ගණනක් බලා සිටි බර්මින්ග්හැම් දුෂ්කරම දුර ගෙවා ජයගන්නා වීවරිය පිළිගැනීමේ චේතනාවෙන්දැයි කාටවත් කිව නොහැකිය.නමුත් දිනෙක බිලී ජෙසිකා ගැන මේ ජයග්‍රහණය ගැන වඩාත් තේරුමකින් උදම් අනනවානම් සහතිකය.ජෙසිකා ද අම්මා කොනෙක් හැටියට ද නොනැවතී දුවමින් සිය දරුවාට ඉතිරි කළ දායාදය ගැන රන් පදක්කමේ මේ මොහොතේ සතුටට වඩා සතුටක් එදාට විඳිනවා සහතිකය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan