Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

හෙට සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට පමණයි!

හෙට (01) දින සිට ඉන්ධන නිකුත් කිරීම ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR කේතයට පමණක් සීමා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ඒ අනුව, මින් ඉදිරියට වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම, ටෝකන් ක්‍රමය හෝ අනෙකුත් ක්‍රමවේද වලංගු නොවනු ඇත.

මේ අතර, චැසි අංකය සමඟ ලියාපදිංචිවීමට නොහැකි වාහන භාවිතා කරන්නන්ට අද (31) දින සිට ආදායම් බලපත්‍ර අංකය සමඟ ලියාපදිංචි විය හැක. මේ අතර නීති විරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කරන, විකුණුම් කටයුතු හෝ ඉන්ධන ලබාදීමේදී  පිළිපැදිය යුතු උපදෙස්වලට අවනත නොවන ඉන්ධන පිරවුම්හල් හා පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද වාර්තා වේ.

MIAP

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.