නාවික වෙළෙඳ මාර්ග ආරක්ෂාවට රටවල් 14ක සහාය ; සෞදි අරාබිය නව සමුද්‍රීය ආරක්ෂක සන්ධානයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
සෞදි අරාබිය, රතු මුහුද සහ බාබ් අල්-මන්ඩබ් (Bab al-Mandab) සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ජාත්‍යන්තර වෙළෙඳ හා බලශක්ති ප්‍රවාහන මාර්ග ආරක්ෂා කිරීමේ අරමුණින් නව බහුජාතික සමුද්‍රීය ආරක්ෂක සන්ධානයක් පිහිටුවීමට රටවල් 14ක නිල සහාය ලැබී ඇති බව නිවේදනය කර තිබේ.

රියාද් නුවර පැවති රටවල් 43ක සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් සහභාගී වූ රැස්වීමකින් අනතුරුව මෙම වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කර තිබූ අතර සෞදි අරාබිය මෙම සන්ධානයේ නායකත්වය දරන අතර එහි මූලස්ථානයද රියාද්හි ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම නව සාමුද්‍රීය අාරක්ෂක සන්ධානය වෙනුවෙන් සෞදි අරාබිය, කුවේට්, බහරේන්, කටාර්, පකිස්ථානය, තුර්කියේ, ඊජිප්තුව, ජෝර්දානය, යේමනය, බංග්ලාදේශය, නයිජීරියාව, සුඩානය, ජිබුටි සහ සෝමාලියාව යන රටවල් කැමැත්ත ප්‍රකාශ කර තිබූ අතර මෙම සන්ධානයේ ප්‍රධාන අරමුණු වන්නේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම, බුද්ධි තොරතුරු හුවමාරුව, ඒකාබද්ධ නාවික මෙහෙයුම් සහ පුහුණු අභ්‍යාස මගින් වාණිජ හා බලශක්ති ප්‍රවාහන මාර්ගවල නිදහස් නාවික ගමනාගමනය තහවුරු කිරීමයි.

මෙම පියවර ගෙන ඇත්තේ යේමනයේ ඉරාන අනුග්‍රහය ලබන හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ නාවික ප්‍රහාර සහ අවහිර කිරීම් තීව්‍ර කිරීමෙන් අනතුරුවය. එම ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳාමට සහ තෙල් ප්‍රවාහනයට බලපෑම් එල්ලවීමත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ සැලකිල්ල වැඩි වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...