ජන්දය කඩාකප්පල් කිරීමේ සැකයක් ගැන විපක්ෂ නායක කියයි!

Date:

කොළඹ LNW:ග්‍රාම නිලධාරින්ට හිමි දීමනා නොගෙවා රජය ඡන්ද කඩාකප්පල් කිරීමේ සැලසුමක සිටිනවාද යන්න සැකයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බිම් මට්ටමේ විශාල සේවාවක් ඉටු කරන ග්‍රාම නිලධාරින්ගේ සේවය තමා අගය කරන බවත් පුද්ගලයෙක් සමාජයට බිහි වීමේ සිට උපත විවාහය මරණය ආදී සැම දේකදීම මේ අය ජනතාවට සමීප බවත් කාලයක් පුරා මේ අයගේ අයිතිවාසිකම් කප්පාදු වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

සේවා ව්‍යවස්ථාව නිසි පරිදි ස්ථාපිත කිරීම සහ සාධාරණ වැටුප් ක්‍රමයක් ඇති කිරීම ආදී ගැටලු රැසකින් ග්‍රාම නිලධාරීන් පෙළෙන අතර පසුගිය වසර හතරක කාලයේ තමා මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළ නමුත් අද වන විට සුරංගනා කතා බවට ඒවාට ලැබුණු පිළිතුරු ලක් වී ඇති බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ.

ඡන්දය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන ග්‍රාම නිලධාරීන්ට ඡන්ද නාම ලේඛන සදහා රු 13ක දිමනාව රු. 30 ක් කරන ලෙස මැතිවරණ කොමිසම තීන්දු කළත් තවමත් එය ක්‍රියාත්මක නැති බවත් මේවා නොදීමෙන් ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමේ රජයේ වක්‍ර හැගීමක් ඇත්ද කියා තමා සැක පළ කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියෛස්ටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (31) ඒකාබද්ධ ග්‍රාම නිලධාරි සංගමයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවේදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්ත ලෙජන්ඩ් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 30, කොළඹ (LNW):  එංගලන්තය වෙනුවෙන් මෙතෙක්...

අස්ථි බිඳීම් සුව කිරීමට මිනිත්තු තුනක්? චීනයේ අද්භූත ‘Bone-02’ අලේපනය

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 30, ලෝකය (LNW): චීන විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්...

කටයි වැඩයි පාලනය කර ගන්න නොදන්න ගම්භීර්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW: ගෞතම් ගම්බීර් තරමක ආන්දෝලනයට...

මතක තියා ගන්න මේක උන්ට ගිය රට නෙවෙයි – ‘රටම එකට’ ජාතික මෙහෙයුම අරඹමින් ජනපති කියයි!

කොළඹ LNW:සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු...