ජනාධිපති ශිෂ්‍යත්වලාභීන්ගේ මුදල් බැංකු ගිණුම් වෙත!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ (LNW):

අද (1) දින ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාල ශිෂ්‍යත්ව වාරික මුදල් ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව කෙටි පණිවිඩයක් (SMS) මගින් සියලු ශිෂ්‍යත්වලාභීන්ට දැනුම් දෙන බව සඳහන් වේ.

2022/2023 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 3000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 17 වැනි වාරිකයද, 2023/2024 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 6000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 6 වැනි වාරිකය ද අදාළ ගිණුම්වලට බැර කර තිබේ.  

එසේම 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා ඉගෙනුම ලබන සිසුන් 100,000ක් සඳහා මසකට රුපියල් 3000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 5 වැනි වාරිකය සහ පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන , පිරිවෙන් (සාමාන්‍ය පෙළ)/ අපොස සාමාන්‍ය පෙළ විභාග සමත්ව ප්‍රාචීන විභාග සඳහා හෝ අ.පො.ස උසස් පෙළ සඳහා පෙනී සිටින ගිහි පැවිදි සිසුන් 500ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 4 වාරිකය ද අද දිනයේ දී ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කරනු ලැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

තවද අද (01) දින පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ,01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ ගිහි පැවිදි සිසුන් 3000ක් සඳහා මසකට රුපියල් 3000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 04 වාරිකයට අදාළ මුදල්ද ශිෂ්‍යත්වලාභීන්ගේ ගිණුම්වලට බැර කර ඇත. 

සිසුන් ලක්ෂයේ ශිෂ්‍යත්ව වැඩසටහනට සහ පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා දැනට මාසික වාරික මුදල් ගෙවනු ලබන ශිෂ්‍යත්වලාභීන්ට අමතරව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් ලැබ ඇති එහෙත් ජනාධිපති අරමුදල වෙත ප්‍රමාදවී ලැබී ඇති අයදුම් පත්‍ර සම්බන්ධව ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරගෙන යන අතර එම සියලුම ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයේ හිඟ වාරික මුදල් ද සමඟ ශිෂ්‍යත්ව වාරික මුදල් ගෙවීම සිදු කිරීමට නියමිතය.

ඒ අනුව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා දළ වශයෙන් සිසුන් 116,000 කට පමණ රුපියල් මිලියන 5000කට වඩා වැඩි මුදලක් ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු ජනාධිපති අරමුදල විසින් සිදු කෙරේ.

ශිෂ්‍යත්ව ලක්ෂයේ වැඩසටහන සඳහා පාසල් මට්ටමෙන් සිසුන් තෝරා ගෙන ඇති බැවින් අයදුම් පත්‍ර ප්‍රමාද වීම හෝ බැංකු ගිණුම් සම්බන්ධව පවතින ගැටලු මත මෙතෙක් ශිෂ්‍යත්ව ප්‍රදානයන් ලැබී නොමැති එහෙත් සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා ගෙවීම් කිරීම පිළිබඳ කටයුතු 2024 අගෝස්තු මස තුළ සිදුකරනු ලබන අතර ඒ පිළිබඳ විස්තර ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවේ පළ කිරීමට නියමිතය.

ඒ අනුව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund පිටුව වෙත යොමු වීමෙන් මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

වෛද්‍ය ධම්මික මලල ක්‍රීඩාවේ කුමන හෝ තනතුරකට රිංගන්නට දැඩි උත්සාහයක

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW:  ක්‍රීඩා අමාත්‍යවරයාගේ...

ගාල්ල පළමු වටවලටත් වඩා පහසුවෙන් අවසාන තරගය ජය ගනියි

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW: අවුරුදු 19 න්...

චීනයේ ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් එරට ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:මේ දිනවල නැගෙනහිර, උතුරු සහ ඊසාන දිග චීනයේ...