නිරිතදිග මෝසම සක්‍රියයි. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද (අගෝස්තු 01) දිනයේදීත් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු, උතුරු-මැද, මධ්‍යම, සහ වයඹ පළාත්වල සහ මොණරාගල සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන් සිවරාසා නිදහස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : සෞදි අධිකරණයෙන් චෝදනා...

රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්!

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා...