2026 ඉයුලිම් (Eoullim) කොරියානු සංස්කෘතික උළෙල අගෝස්තු 29දා කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී…

රෂිකා හෙන්නායක අගෝස්තු 01 , කොළඹ LNW :

2026 අගෝස්තු 29 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත 2026 ඉrයුලිම් (Eoullim) කොරියානු සංස්කෘතික උළෙල පිළිබඳ මාධ්‍ය හමුවක් ඊයේ (31) පැවැත්විණි.

දකුණු කොරියාවේ Far East University සහ ශ්‍රී ලංකාවේ IDM Nations Campus International (IDMNC) ආයතනය එක්ව මෙම උළෙල සංවිධානය කරනු ලබන අතර, කොරියානු සංස්කෘතිය සහ ශ්‍රී ලංකා–කොරියා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වේ.

මෙම උළෙල සඳහා කොරියානු සංස්කෘතික හුවමාරු පදනම (KOFICE) සහ කොරියානු සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහය හිමි වේ.

උත්සවය කොටස් තුනකින් සමන්විත වන අතර,

උදෑසන – කොරියානු සංස්කෘතිය සහ එහි බලපෑම පිළිබඳ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ.

දහවල් – කොරියානු ආහාර, රූපලාවණ්‍ය, තේක්වොන්ඩෝ සහ K-pop අත්දැකීම් වැඩසටහන්.

සන්ධ්‍යාව – කොරියානු සම්ප්‍රදායික නර්තන, සංගීත, තේක්වොන්ඩෝ සහ K-pop නර්තන ප්‍රසංග.

මෙම වැඩසටහන හරහා ශ්‍රී ලාංකික සිසුන්ට දකුණු කොරියාවේ අධ්‍යාපනික අවස්ථා පිළිබඳ දැනුමක් ලබා දීමත්, දෙරට අතර සංස්කෘතික සහ අධ්‍යාපනික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමත් අපේක්ෂා කෙරේ.

මෙම මාධ්‍ය හමුවට IDM Nations Campus International ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය වී. ජනගන්, සභාපති ආචාර්ය ලයනල් පින්ටෝ, මහාචාර්ය ප්‍රසාත් හේරත්, මේජර් ජනරාල් සජිත් ලියනගේ ඇතුළු නියෝජිතයන් සහ දකුණු කොරියාවේ Far East University ආයතනයේ මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...