ගෝල්ෆේස් අරගලයට එල්ල වූ ප්‍රහාරය : පොලිස්පතිට අභියාචනාධිකරණයෙන් නියෝගයක් !

Date:

ගෝල්ෆේස් අරගල භූමියට 2022 මැයි 09 වනදා එල්ල වූ ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියම කර තිබේ.

ඒ, “ගෝටාගෝගම” අරගල භූමියට සංවිධානාත්මක පිරිසක් කඩා වැදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළත් පොලිසිය එය වළක්වා ගැනීමට පියවර නොගත් බව පවසමින් අරගලයේ ක්‍රියාකාරිකයකු වූ ජනක්. එස්. විතාරණ ගොනුකර තිබුණු රීට් පෙත්සමක් ඊයේ (31) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. එම ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට නිසි පියවර නොගැනීම පිළිබඳව පොලිස්පතිවරයා සහ පොලිසිය වගකිව යුතු යැයි මානව හිමිකම් කොමිසම ද නිර්දේශ කර ඇති බවයි පෙත්සමෙන් කරුණු දක්වා තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙත් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ එම පෙත්සම කැඳවනු ලැබිණි.

පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල එය විභාගයට ගැනීමට තීරණය කළ අතර පොලිස්පතිවරයාට නොතීසි නිකුත් කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...