රත්නපුර පාසලකින් එන පළමුවැන්නා – ඒෂාන් මාලිංගයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 02, LNW කොළඹ :
ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබුණ අලුතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තට්ටු කරමින් සිටි ක්‍රීඩකයෙක් රත්නපුරේ සිටියේය.නාලන්ද විද්‍යාලයේ පැවති එළිමහන් සංගීත ප්‍රසංගයකදී ඒ බව කීවේ නාලන්දියෙක් වූ කරුණාරත්න අබේසේකරය.ඒ ආනන්දයෙන් හෝ නාලන්දයෙන් හෝ එවැනි තේරීමක් වුවහොත් එම පාසල් දෙකටම සතුටු විය හැකි සහෝදරත්වයක් සුලෝහිත සොහොයුරන් තුළ තිබෙන බව පවසමින්ය.ඒ සමඟම ඔහු එම ප්‍රසංගයේ දී පාසල් දෙකේ සොහොයුරුකමට උදාහරණ ලෙස ඕෂධි ආනන්දයේ සිටියදී ගිහාන් නියෝජනය කළේ නාලන්දය බව ද කීවේය.

එහෙත් රත්නපුර පාසලකින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජාතික කණ්ඩායමට මේ දක්වා කිසිවෙක් සුදුසුකම් ලබා නැත.එහි පළමු මොහොත ලෙස ඉන්දියාවට එරෙහිව නම් කරන ලද සංචිතයේ වෙනස්වීම් මත අලුතෙන් කණ්ඩායමට කැඳවා ඇති ඒෂාන් මාලිංග රත්නපුරෙන් ඒ අවස්ථාව ලද පළමු වැන්නා වනු ඇත.ජාතික සංචිතයකට හෝ එවැනි කැඳවීමක් සිඳු වූ පළමු අවස්ථාව මෙය වන බැවින් රත්නපුර ක්‍රිකට් ඉතිහාසයේ ඒෂාන් මාලිංගට මෙන්ම ඔහුව නිර්මාණය කළ පාසල හැටියට රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයට ද ස්වර්ණමය නමක් සටහන් වනු ඇත.

මීට පෙර රත්නපුර ප්‍රදේශයෙන් මලල ක්‍රීඩාව සහ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය හරහා ජාතික කණ්ඩායමට පිවිසි ඉසුරු උදාන ගැන සඳහන් වන්නේ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි සිසුවෙකු ලෙසය.ඔහු බලංගොඩ ප්‍රදේශයේ ක්‍රීඩකයෙක් වන අතර එෂාන් මාලිංග බලංගොඩට ආසන්නව පිහිටි ඕපනායක ප්‍රදේශයෙන් සීවලියට පිවිස ක්‍රිකට් ක්‍රීඩා කළ අයෙකි.අධ්‍යාපනයට දක්ෂතා ඇති සිසුවෙක් ලෙස සීවලියට ඕපනායක් විද්‍යාකර විද්‍යාලයේ සිට පැමිණ ඇති ඒෂාන් මාලිංග ජාතික සංචිතයට ඇතුළත් වූ රත්නපුර පාසලකින් පැමිණි පළමුවැන්නා පමණක් නොවී රත්නපුර පාසලකින් ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමුවැන්නා ද වන්නට කියා අපි සුබ පතන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...