*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

ඉමානි ගැහැණියෙක් ද පිරිමියෙක් ද

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 02, (LNW) කොළඹ :

මේ වන විට ඔලිම්පික් ගැන විශාල අවධානයක් යොමු වි ඇත.ඒ අතර ඇල්ජීරියාවේ ඉමානි කාලිෆ් කාන්තා කිලෝ ග්‍රෑම් 66 බර පංතියෙන් දක්වන දස්කම් ගැන විවිධ අදහස් පළවෙමින් ඇත.ඒ ඇයගේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳවය.එහෙත් ඉමානි උපතින්ම ගැහැණියකි.ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස බොක්සිං පිළිගන්නේනම් සහ එම ක්‍රීඩාව නියෝජනය කරන්නේනම් එහි පරමාර්ථ සහ නෛතික ප්‍රඥප්තියන් දැන සිටිය යුතුය.මේ සැකය උපදවමින් චෝදනාවට අවශ්‍යය බීජය රෝපනය කළ ඉතාලි ක්‍රීඩිකා ඇන්ජෙලා කැරිනි මේ වන විට පිරිමියෙක්ගේ ගුටි කෑ ගැහැණියක් හැටියට මේ වන විට අනුකම්පාවට පත්වෙමින් තිබෙන අයුරුදු දැක ගත හැකිය.


මේ වන විට ඔලිම්පික් යනු ලෝකයේ ක්‍රීඩාවේ දක්ෂයන්ට විවර වූ පොදු තැනකි.එයට දේශසීමා මායිම් නැත.එවැනි රටවල්වල මායිම්ගතව සිඳුවන වැරදි චර්යාවන් නිසා කුමන හෝ දක්ෂයෙකුට ක්‍රීඩාවෙන් තරග කරන්නට නොලැබෙන ඉඩ වසා අවස්ථාව දෙන්නට හදපු සරණාගත කණ්ඩායම ගැන මෙවර ඔලිම්පික් උළෙලේදී ඉදිරියට තවත් කතා කරන්නට ලැබෙනු ඇත.එසේම ස්ත්‍රී පුරුෂභාවය පදනම් කරගෙන සංක්‍රාන්ත්‍රිකයන්ට වැටී තිබුණු බාධක ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නොසළකා හැර ඇත.සමහර අවස්ථාවලදී කාන්තාවන් වුව ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිශතය වැඩි නිසා කාන්තා ඉසව්වලදී කොන් වීම සළකා ඒ චෝදනාවලට ද ගැලෙන සේ කාන්තාවක ලෙස අරුත් නිරූපනය කරන්නටනම් කාන්තා සිරුරුක තිබිය යුතු ටෙස්ටොස්ටෙරොන් ප්‍රතිශතය කොපමණ ද යන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කර ඇත.
මීට අදාළව නවසීලන්තයේ ලොරේල් හොබර්ඩ් ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී කාන්තා බර ඉසිලීමේ තරගයට පවා ආවාය.ඇය පිරිමියෙකු ලෙස ඔසවා තිබෙන බර ප්‍රමාණය අනුව ඇය තරගය පහසුවෙන්ම ජය ගනු ඇතැයි බොහෝ දෙනෙක් සිතූහ.විරෝධතා ගොනු කළහ.එහෙත් ඇයට ගැහැණියක ලෙස හැසිරීම ඉක්මවා පිරිමියෙකු ලෙස හැසිරීමට නොහැකි බව ඔලිම්පික් නියෝජනයට ඇයව කාන්තාවක් ලෙස පිළිගත යුතු බවට තහවුරු කළ වෛද්‍ය විද්‍යාත්මක මතය විය.සැබෑ වූවේ එම මතය ය.ඇයට පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය.


මේ ආකාරයට මීටර් 800 ඉසව්වේ සුපිරි දක්ෂතා දැක් වූ කැස්ටර් සෙමෙන්යා ද කාන්තාවක වුය පිරිමි හෝමෝන තත්ත්වය වැඩි ක්‍රීඩිකාවක් වූවාය.එසේම ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 200 දෙවන තැනි දිනූ නැමීබියාවේ ක්‍රිස්ටීන් එම්බෝමා ද සෙමෙන්යා මෙන්ම එම ආකාරයේ කාන්තාවක්ය.ඔවුහූ හෝමෝන ප්‍රතිකාර මඟින් ටෙස්ටොස්ටෙරෝන් පාලනය කර ගැනීමට ඖෂධ භාවිතා කරති.ඉමානි ද මේ වර්ගයේ ක්‍රීඩිකාවක්ය.ශ්‍රී ලංකාවේද ජාත්‍යන්තර පදක්කම් දිනූ මේ වර්ගයේ ක්‍රීඩිකාවක් උන්නාය.ඇයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් හැටියට පිටියේ රැඳෙන්න මේ රටේ ඇතැම් පිරිස් ජාතික වගකීමකින් හැසිරෙන්නට නොදන්නා නිසා ක්‍රීඩාව නොසළකා හරින නිසා නොහැකි විය.
එහෙත් මෙහි තවත් ගැටළුවක් ඇත.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඇතැම් ප්‍රතිපත්ති මත ජාත්‍යන්තර බොක්සිං සංගමය සිටින්නේ නොමනාපයෙන්ය.බොක්සිං සම්මේලනයේ නොමනාපය නොව ජාත්‍යන්තර ඔලිම්පික් ආයතනය රුසියාවේ ජනාධිපති පුටින් හෝ සිය ප්‍රතිපත්ති ඉදිරියේ මායිම් කරන්නේ නැත.ඒ නිසා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පුටින්ගේ සමීප හිතවතෙක් වන ලෝක බොක්සිං සම්මේලනයේ ලොක්කා ද ගණන් ගන්නේ නැත.
ඒ නිසා යම් තැනකදී බොක්සිං සම්මේලනට ඉමානිගේ හෝමෝන තත්ත්වය සැළකිල්ලට ගෙන ඇයට තරග වඳින්නට දී නැත.ඒ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රමිතියට අනුව කෙරුණු හෝමෝන තත්ත්වය මත ද යන්න කීමට අපහසුය.දත්ත නැත.එම තත්ත්වයේදීම හෝමෝන වැඩිවීමක් වුව ද,එය නැවත ඖෂධ මඟින් පාලනය කළ හැකිය.එ් නිසා මෙවර ඔලිම්පික් නියෝජනයට ඉමානිට අවස්ථාව ලැබෙන්නේ නෛතිකවය.විද්‍යාත්මක පදනමක පිහිටාය.


ඒ නිසා මේ වෙලාවේ පදනමක් නැතුව ඉමානි වෙනුවට මිනිසුන් සැළකිල්ලෙන් අවධානය යොමු වියකළ යුත්තේ ඉමානිව ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නෙක් බවට තීරණය කරන්නට හැකි මට්ටමට විද්‍යාව ලබා ඇති දියුණුවය.පෙර කාලයකනම් මේ කිසිඳු හෝමොන පරික්ෂාවකින් සනාත කරන්නට අවශ්‍යය නැත.ඉමානිගේ පහරවල් දැනටත් වඩා දරුණුවට දැණුනත් මිනිස්සු කතා කරන්නේ ඉතාලි ක්‍රීඩිකා ඇන්ජෙලාගේ දුර්වලකමය.ඇන්ජෙලා ට ද පහර කා පසුබසිනු වෙනුවට කතා කරන්නට දෙයක් ඉතුරු නොවනු ඇත.ඒ නිසා අද පවතින විද්‍යාත්මක කාරණාවලට අනුව ඉමානිගේ ජයග්‍රහණය අනුමත කරනු අගය කරනු විනා වෙනත් කාරණාවන් කතා කරනවානම් එය සිඳු විය යුත්තේ විද්‍යාවට එකඟ තර්ක ඔස්සේය.එහිදී දත්ත සහ පර්යේෂණයන්ට අදාළව දැනට කාන්තා සිරුරක ටෙස්ටොස්ටොරොන් පිළිගන්න ප්‍රමාණය සටන් ශිල්පයකදි තව දුරටත් අඩු කර සළකා බැලිය යුතුය යන්න දත්ත සමඟ ඉදිරිපත් කර ඔප්පු කර පෙන්විය යුතුය.

මේ තත්ත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක්ගේ පසුගාමී අදහස්වලින් ස්වභාව ධර්මයේ කැමත්ත ලෙස මිනිසුන්ගේ භාහිර පෙණුම මතම ස්ත්‍රී පුරුෂ සාධක සැළකිල්ලට ගැනීම සිඳුවෙන අයුරු දකින්නට හැකිය.ඒ අනුව ඇන්ජෙලාගේ ඉවත්වීම වෙනුවෙන් මතු කරන සාධක වළංගු නැත.ඉමානි ජයග්‍රාහකයාය.ජිව විද්‍යාත්මක පර්යේෂණ සිඳු කරන පරීක්ෂණාගාරයක පරීක්ෂ සහ නිරීක්ෂණ මත නිගමනවලට පිවීසීමෙන් ඔබ්බට තව දුරටත් පෙණුම හෝ වෙනත් අඳෝනා මත ගැහැණු පිරිමි ලෙස සළකන සාධකවලට අභියෝග කරන්නට යාම යම් ආකාරයකින් ගෝත්‍රිකය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan