රට තුළ සිදු වූ මහා පරිහානියට වගකිව යුතු කණ්ඩායම් හතරක් හඳුනා ගත්තා – සුජීව සේනසිංහ

Date:

මතක ඇති කාලයක සිට විවිධ දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ වෙනුවෙන් වක්‍රව සහ සෘජුව පෙනී සිටිමින් ජනාධිපතිවරුන් සහ ආණ්ඩු නිර්මාණය කිරීමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ අද වන විට කිසිවක් නොදන්නා පුද්ගලයින් සේ හැසිරෙමින් ජනතාව නොමග යවමින් සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී එම පක්ෂයේ උප සභාපති සුජීව සේනසිංහ මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ රට තුළ සිදු වූ මහා පරිහානියට වගකිව යුතු කණ්ඩායම් හතරක් මේ වන විට තමන් විසින් හඳුනාගෙන ඇති බවයි.

එල්.ටී .ටී.ඊ සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, රාජපක්ෂ පවුල සහ මුල සිටම ඩීල් දමමින් දේශපාලනය කළ රනිල් වික්‍රමසිංහ එම කණ්ඩායම් හතර බවද ඔහු සඳහන් කර තිබෙනවා,

රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගය අතහැර යාමට සුදානම් වන බවට වන ආරංචි මාර්ග සම්බන්ධ විමසු විට ඔහු සඳහන් කර තිබෙන්නේ සේනාරත්න මහතා එලෙස පක්ෂය හැර යන්නේ නම් එය ඔහුගේ පවුලට බලපාන යම් හේතුවක් නිසා සිදුවිය හැකි බවද ඔහු පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව සීමා නිර්ණ කමිටුවට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල...

පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී...

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...