විගමනික ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්!

Date:

කොළඹ LNW:විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින සමීප ඥාතීන්ට වෛද්‍ය පහසුකම් සේවා කඩිනමින් ලබාදීමේ නව වැඩ සටහනක් Truecare ආයතනය හඳුන්වා දෙයි.

ලෝක ව්‍යාප්ත Bima සමාගමට අනුබද්ධව ක්‍රියාත්මක මෙම වැඩසටහනින් ටෙලි මෙඩිසින් (Telemedicine) ක්‍රමය යටතේ ක්ෂණිකව රෝගියා වෛද්‍යවරයෙක්ට සම්බන්ධ කර වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සම්බන්ධීකරණය සිදුකිරීමත්, ඒ සඳහා වන විශේෂඥ වෛද්‍ය සේවා, වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ, රසායනාගාර සේවා සහ ගිලන් රථ සේවා රෝගියාට ලබාදීම සහ ඊට අදාල ගෙවීම් Truecare ආයතනය සිදු කරනු ලැබේ.

එබැවින් තම ඥාතියා හෝ ඔහුගේ රෝගී තත්ත්වයන් පිළිබඳ හෝ ඊට අදාළ ප්‍රතිකාරවලට වන ගෙවීම් පිළිබඳ විගමනිකයා හෝ රෝගියා හෝ අපහසුතාවයකට පත් නොවන බව Bima අධ්‍යක්ෂ තුසිත අපොන්සු මහතා පෙන්වා දෙයි.

පැය විසි හතර පුරා ක්‍රියාත්මක වෛද්‍ය සේවා,රෝගියා පිළිබඳ පසු විපරම් කටයුතු,සිංහල දෙමළ,ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම සේවා ලබාදීම,රට පුරා වෛද්‍ය සහ රසායනාගාර මධ්‍යස්ථාන 400 ක අදාල පහසුකම් ලබාදීම මේ යටතේ සිදුකෙරෙන බව අධ්‍යක්ෂ තුසිත අපොන්සු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ
Bina Truecare ආයතනය පසුගිය දා කොළඹ පැවැත් වූ මෙම වැඩසටහන හඳුන්වාදීමේ මධ්‍ය හමුවේදිය

විදේශගතව සිටින අයට තමන්ගේ දෙමව්පියන් හෝ සමීප ඥාතීන් මෙම වැඩසටහනට ඇතුළත් කිරීම තුළින් ඕනෑම හදිසි අවස්ථාවක එම ඥාතීන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳ පූර්ණව සොයා බැලීම් සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම පමණක් නොව පසු විපරම් කරමින් එම ප්‍රතිකාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ රෝගියා පිළිබඳ සියලු පසු වෛද්‍ය වාර්තා මෙම ආයතනය අඛණ්ඩව පවත්වා ගෙන යමින් සෞඛ්‍ය වෛද්‍ය සේවා සම්බන්ධීකරණය කිරීම Truecare ආයතනය සිදු කරන බැවින් විගමනිකයාට තම සමීප ඥාතීන් පිළිබඳ ඇති මානසික පීඩනය උපරිමයෙන් අවම වන බව අපොන්සු මහතා වැඩිදුරටත් පැවසීය.

මෙය රක්ෂණ ක්‍රමයක් නොවන බවත්,රු.18,000 සිට රුපියල් 45,000 දක්වා ස්ථර තුනක ඇති වාර්ෂික ගෙවීම් ක්‍රමය යටතේ මෙම වෛද්‍ය සේවා ලබාගත හැකි බවත් වැඩිදුර විස්තර 1343 දුරකථන අංකයෙන් ලබාගත හැකි බව Bima Truecare සහකාර සාමාන්‍යාධිකාරි ප්‍රබුද්ධ ලක්මාල් මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...