“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” සංකීර්ණය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි !

Date:

කොළඹ පිහිටි “සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” හෝටල් සංකීර්ණ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) රාත්‍රියේ විවෘත කෙරිණි.

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය මෙරට පෞද්ගලික අංශයේ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය වන අතර දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන බවත් සඳහන්.

සංචාරකයින් සඳහා ඉහළම මට්ටමේ හෝටල් කාමර, ආපන ශාලා පහසුකම් මෙන්ම දැවැන්ත කැසිනෝ ශාලාවකින් ද මෙම ව්‍යාපෘතිය සමන්විත වේ.

ජෝන් කීල්ස් සමාගම මෙම ව්‍යාපෘතියේ හිමිකාරීත්වය දරණ අතර හොංකොං හි ලැයිස්තුගත සමාගමක් වන Melco Resorts & Entertainment Ltd විසින් මෙහි කැසිනෝ ශාලාව පවත්වාගෙන යනු ලබයි. Lawrence Ho Yau Lung නමැති කැසිනෝ ව්‍යාපාරිකයකුට අයත් Melco Resorts & Entertainment Ltd සමාගම “සිටි ඔෆ් ඩ්‍රීම්ස් මැකාවු”, “සිටි ඔෆ් ඩ්‍රීම්ස් මැනිලා” ඇතුළු රටවල් කිහිපයක පිහිටි කැසිනෝ ව්‍යාපාරවල හිමිකාරීත්වය දරණ සමාගමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...