ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW:


ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ කැරම් ශූරතාවලිය පසුගියදා කොළඹ ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේදී සාර්ථකව අවසන් වූ අතර ආරක්ෂක සේවා කැරම් ශූරතාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම ගුවන් හමුදාවට හිමි විය.


මෙම තරඟාවලියේදී ත්‍රිවිධ හමුදාව තුළ වර්ධනය වන තරඟකාරිත්වය සහ කැරම් ක්‍රීඩාවේ ඉහළ ප්‍රමිතීන් ඉස්මතු කරමින් සිත් ඇදගන්නා සුළු දස්කම් දක්වමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් කැරම් ක්‍රීඩාවේ සැලකිය යුතු හා ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පළමු වරට ආරක්ෂක සේවා ඉතිහාසයේ පිරිමි හා කාන්තා කණ්ඩායම් ආරක්ෂක සේවා කැරම් ශුරතාවයන් දිනා ගැනීම 13 වන ආරක්ෂක සේවා තරගාවලියේ ගුවන් හමුදා ක්‍රීඩා අංශයට අතිශයින් වැදගත් සිඳුවීමක් විය.


මෙම තරගාවලියේ ත්‍යාඟ සහ සහතිකපත් ප‍්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් කසුන් අධිකාරි සහභාගි වූ අතර ගුවන් හමුදා කැරම් කණ්ඩායමේ සභාපති ගෲප් කැප්ටන් නුෂාන් රාජපක්ෂ සහ නාවික හමුදා කැරම් කණ්ඩායමේ සභාපති කමාන්ඩර් චන්දන වික්‍රමාරච්චි යන අය හා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් රැසක් ද සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම අද (03) සිට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අද (03) දිනයේදී...

දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...

රටේ බහුතර ප්‍රශ්න වලට හේතුව මත්ද්‍රව්‍ය – ජනපති අනුර

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන...