අපගේ බලාපොරොත්තුව නායකත්ව ගුණාංග පිරි, සහකම්පනයෙන් යුතු, දරුවන් සමාජයට බිහි කිරීමයි – අඅග්‍රාමාත්‍ය හරිනි

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW :

වර්තමාන සමාජයේ කාන්තා නායකත්වය ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා වන හැකියාව ශ්‍රි ලංකා බාලදක්ෂිකා සංගමය සතු වන බවත්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති ලෝකයේ විශාලතම කාන්තා ස්වේච්ඡා සංවිධානයේ සමාජිකයකයෙකු වන ශ්‍රී ලංකා බලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කරන ලද. “ශ්‍රී ලංකා බාල්දක්ෂිකා සංගමයේ ජනාධිපති බාල දක්ෂිකා සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී බාලදක්ෂිකාවකට හිමිකර ගත හැකි ඉහළම සම්මානය වන ජනාධිපති බාලදක්ෂිකා සම්මානය 301දෙනෙකු වෙතත්, අගමැති බාලදක්ෂිකා සම්මානය 23 දෙනකු වෙතත් පිරිනැමිණි.

සම්මාන ප්‍රදානෝත්සවය ඇමාතූ අග්‍රාමාත්‍යතුමිය,

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ජනාධිපති සම්මාන සහ අගමැති සම්මාන ප්‍රදානය කෙරෙන මෙම උත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා.1917 මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ආරම්භ කළ ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරය අද වන විට දිවයින පුරා ව්‍යාප්ත වී තිබෙනවා.

ගැහැනු දරුවෙකුට අවුරුදු 08 සිට විවිධ අභියෝග වලට මුහුණ දෙමින්, රටට නායකත්වයක් ලබා දෙන්න පුළුවන් විදිහේ පරිපූර්ණ හොඳ ගුණාංග තියෙන දැරියන් බවට පත්වෙන්න මෙමගින් අවස්ථාව සැලසෙනවා.

අපේ රටට අවශ්‍ය වෙන්නෙත් එවැනි ශක්තිමත් දරු පරපුරක්. ඒ වගේම මේ සම්මානලාභීන්ගේ කැපවීම පමණක් නෙවෙයි. ඔවුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ඔවුන් සමඟ පිටුපසින් සිටි දෙමව්පියන්, ගුරුවරුන්, මාර්ගෝපදේශිකාවන් නායක නායිකාවන්ගේ සහයෝගයත් බෙහෙවින් අගය කළ යුතුයි.

මම ඔබට කතා කරන්නේ අග්‍රාමාත්‍යවරිය හැටියට පමණක්ම නෙමෙයි. කුඩා කාලයේ little friend කෙනෙක් විදිහට මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණු කෙනෙක් විදිහටයි. මට එහිදී ලැබුණු අත්දැකීම් මගේ ගමනට මඟ පෙන්වීමක් වෙලා තියෙනවා

මෙම සංගමය විසින් ගැහැනු ළමුන්ට ඔරොත්තු දීමේ හැකියාව ලබාදෙනවා වගේම, ඉහළට යන සෑම ගෑහැනු දරුවකුටම තමන්ගේ රටේ අනාගතය ගොඩ නගන්නට දායකත්වයක් ලබා දිය හැකි විදියේ පරිසරයක් නිර්මාණය කරනවා.

මෙ වැනි ව්‍යාපාරවලින් අප බලාපොරොත්තු වෙන්නෙත් එයයි. අපේ රජය ක්‍රියාත්ක කරගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි දරුවන් බිහි කිරීමටයි

අපේ රජයේ ක්‍රියාත්මක කරගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලෙන් අපි බලාපොරොත්තු වෙන්නේත් නායකත්ව ගුණාංග පිරි, සහකම්පනයෙන් යුතු, දරුවන් සමාජයට බිහි කිරීම යැයි ද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසූරිය, බලදක්ෂිකා සංගමයේ සභාපතිනි ස්වර්ණිකා පිටිගල, ප්‍රධාන කොමසාරිස් ආචාර්ය කුෂන්තා හේරත්, බාල දක්ෂිකා සංගම⁣යේ හිටපු සභාපතිවරියන්, හිටපු බාල දක්ෂිකා කොමසාරිස්වරියන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින්, බාල්දක්ෂිකා සංගමයේ විවිධ අංශවල කොමසාරිස්වරියන්, දිස්ත්‍රික් කොමසාරිස්වරියන්, බාල දක්ෂිකා නායි නායිකාවන් දෙමව්පියන් ද සම්මාන ලාභීන් ද සහභාගීවූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...