සර්ව පාක්ෂික ගුණ්ඩුවලට අහුවෙන්න අපි ලෑස්ති නැහැ – ෆොන්සේකා (VIDEO)

සර්ව පාක්ෂික ගුණ්ඩු හසුවී පක්ෂය විනාශ කර ගැනීමට සූදානම් නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

එය විපක්ෂයට දෙන්න සූදානම් වන ටෝෆියක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සැබෑ ලෙසම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැදීමේ අරමුණක් තිබුණේ නම් අගමැති ධූරය ප්‍රධාන විපක්ෂය ලෙස සමඟි ජන බලවේගයට දීමට තිබුණු බව ෆොන්සේකා මහතා සඳහන් කරන ලදී.

මේ අතර තමන් අරගලයේ නායකයෙක් හෝ අරගලය මෙහෙයවූවෙක් නොවන අතර එළඹෙන 09 වැනිදාද ජනතාවට කොළඹට එන ලෙස අරගලයේ නායකයින් කර තිබෙන ඉල්ලීම තමන් දුටු බවත් කුමන හෝ වැඩපිළිවෙලක් ඔවුන් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට උදව් කිරීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.

ඔවුන්ට සහය දැක්වීමට පාර්ලිමේන්තුවේදී කතා කළ බවයි සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ.

යම් කිසි හෙයකින් එළඹෙන 09 වැනිදා අරගලකරුවන් විසින් යොදාගෙන තිබෙන වැඩපිළිවෙල දැනට පවතින තත්ත්වය හමුවේ පස්සට දැමීමට කටයුතු කළහොත් එවැනි තීරණ වලටද උදව් කරන බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

අරගලයට සම්බන්ධව අත්අඩංගුවේ පසුවන තරුණයෙකු සම්බන්ධයෙන් සොයා බැලීමට අද (02) කොල්ලුපිටිය පොලීසියට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ෆොන්සේකා මහතා මෙම අදහස් පළකළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...