විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කිරීමට නියමිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ද වැඩිකෙරෙනු ඇත.
එමෙන්ම මීටම සමගාමීව 1983 අංක 35 දරන අධිකරණ සංවිධාන පනත ද සංශෝධනය කිරීම හරහා මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා ද, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්රාත්වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ද ඉහළ නැංවීමට නියමිත බව සඳහන්.
අදාළ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවීමත් සමග එය ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළකෙරෙනු ඇති අතර එයින් සතියකට පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.


