රෂිකා හෙන්නායක අගෝස්තු 02 , කොළඹ LNW :
මහර බන්ධනාගාරයේ හටගත් ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාව සහ ඉන් සිදු වූ දේපොළ හානිය ඉතා දඎණු තත්ත්වයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මත්ද්‍රව්‍ය හිඟකම හේතුවෙන් හටගත් මෙම ගැටුමෙන් රුපියල් කෝටි 15කට අධික පාඩුවක් සිදුව ඇති අතර, එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලබා ඇත.
කලහකාරී පිරිස් බන්ධනාගාර ගොඩනැගිලිවලට ගිනි තබා තාප්ප බිඳ දමා පලායාමට උත්සාහ කර ඇති බව වාර්තා විය.
තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව වගකිවයුතු රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇත.


