උමාරාට හදිසි කැඳවීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (02) දිනයේ ගායන ශිල්පිණී උමාරා සිංහවශට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු  අමාත්‍යංශය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යවා ඇති බව වාර්තා වේ.

ඒ ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට  එල්ලවී ඇති චෝදනාව සම්භන්ධයෙනි.

උමාරාට එල්ල වූ චෝදනාවත් සමඟ ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමාවෙත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රංජිත් අසෝක මහතාට දැනුම් දී ඇති අතර, ඒ අනුව අමාත්‍යංශයේ විමර්ශන ඒකකයට ලේකම්වරයා විසින් සිදුකළ දැනුම්දීමට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙක් විසින් මෙම විමර්ශනය කටයුතු සිදුකිරීමට නියමිතව ඇති අතර, එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවීමක් සිදුකර තිබේද ? යන්න සම්බන්ධයෙන් මූලිකව සොයා බැලෙනු ඇත.

විමර්ශනයට පසු අදාළ වාර්තාව අමාත්‍යංශ ලේකම්වරයාට භාරදී ඉන්අනතුරුව නීතිපති උපදෙස් ලබාගැනීමට නියමිත අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේකෙන් මුදල් නාස්ති වීමක් වෙලා නෑ. එක මොඩියුලයයි නෙ – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක්...

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...