විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී චන්ද්‍රරත්න පල්ලේගම සමගි ජන බලවේගයට එක්වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ චන්ද්‍රරත්න පල්ලේගම මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කරමින් සමගි ජන බලවේගය හා එක්වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධියක් සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති පල්ලේගම මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දක්ෂ හා ගෞරවනීය විශේෂ ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි.

1995 දී පරිපාලන සේවා විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් පරිපාලන සේවය හා සම්බන්ධ වූ ඒ මහතා සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු ලෙස වසර 12 කට වැඩි කාලයක් පුරා කටයුතු කර තිබේ.

එසේම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් යන තනතුරු දරා ඇති ඒ මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ භූමිකාවන් රැසක ද කටයුතු කර ඇත.

දැනට විශ්‍රාම ගොස් සිටින ඒ මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු ජනපති විසින් ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ පිරිනමයි

රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් වෛද්‍ය සමන් රංජිත්...

තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : කැබිතිගොල්ලෑව හඳගල පුරාණගල්ලෙන්...

කිරුළ රැකගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොංකොං බලා යති

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලහිරු මධුශංකගේ නායකත්වයෙන් ධනංජය ලක්ෂාන්,තනුක...

දියත උයන ආසන්නයෙන් මතු වූ මත්ද්‍රව්‍ය , අවි සහ මුදල්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඊයේ (04)...