*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

ආර්ථිකය වගේම දේශපාලන ක්‍රමයත් වැටුණේ ණය නිසා – ජනාධිපති යාපනයේදී කියයි

කොළඹ LNW:මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ යාපනය වාලම්පුරි හෝටලයේ පැවති හමුවේදීය.

නැවත එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බවයි වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ.

මෙරට ජනවාර්ගික ප්‍රශ්නය ද කඩිනමින් විසඳා ගත යුතු බව පැවසු ජනාධිපතිවරයා බහුතරයක් වූ සිංහල හා බෞද්ධ ජනතාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වුවද සැමට එක හා සමානව සැලකීම ඉතා වැදගත් බවත්, ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර මෙන්ම කාන්තා සහ පුරුෂ දෙපාර්ශ්වය අතර සමානාත්මතාවය ඇතිකිරීම ද මීට ඇතුළත්වන බවත් හෙතෙම ඳහන් කළේය.

”අප අපගේ දේශපාලන ක්‍රමය පිළිබඳ නැවත සිතා බලා දැඩි තීරණ ගත යුතුයි. යහපත් අනාගතයක් සඳහා රටට නව දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි. එය ව්‍යවස්ථාව හෝ නායකත්වය යන කරුණුවලට සිමා නොවන අතර වගකීම භාර ගැනීමට හැකි ධෛර්ය සම්පන්න නායකයින් සිටීම ද අත්‍යාවශ්‍යයි. ඒ වගේම අප සියලුදෙනා එකට එක්ව මෙම ගමන යා යුතුයි. සිංහල සහ දෙමළ ජනවාර්ගික ප්‍රශ්න ද අප කඩිනමින් විසඳා ගත යුතුව තිබෙනවා. බහුතරයක් වූ සිංහල හා බෞද්ධ ජනතාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වුවද සැමට එක හා සමානව සැලකීම ඉතා වැදගත් බව සඳහන් කළ යුතුයි. ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර මෙන්ම කාන්තා සහ පුරුෂ දෙපාර්ශ්වය අතර සමානාත්මතාවය ඇතිකිරීම ද මීට ඇතුළත් වෙනවා.ඒ වගේම අපි රටේ සියලු පළාත් එක ලෙස සංවර්ධනය කළයුතුයි. මම අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අවධියේදී යාපනය රටේ ප්‍රධාන නගරවලින් එකක් වූ නමුත් පසුව එය පසුගාමී තත්ත්වයට පත්වුණා. දැන් යුද්ධය අවසන් වී තිබෙනවා. එනිසා යාපනය සහ උතුරු පළාත සංවර්ධනය කිරීමට කාලය උදාවී තිබෙනවා.දිළිඳුකම පිටුදැකීම, කෘෂිකාර්මික නවීකරණය වැනි ප්‍රාදේශීය සංවර්ධනය සඳහා අප පළාත් සභාවලට වැඩි බලයක් ලබාදිය යුතුයි.” යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan