ගමේ මරණාධාර සමිතියේ පවා බලය අල්ලන්න පැලවත්තෙන් ආඥාවක් නිකුත් කරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රජය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අප රටේ විනිවිදභාවයෙන් සහ අපක්ෂපාතී තරුණ සේවා සභාව, යෞවන සමාජ ක්ෂේත්‍රය සහ යෞවන සමාජ සම්මේලනය තදබල ලෙස දේශපාලනීකරණයට ලක් කර ඇති බවත් යෞවන සමාජ සම්මේලනය සහ තරුණ සේවා සභාව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථිර ශාඛාවක් බවට පත් කිරීමට සූදානම් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ Citizen Voice (පුරවැසි හඩ) වැඩසටහන යටතේ යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් සමග විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවකදීය.

ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් මේ ක්‍රමවේදය තුළ ප්‍රජාතන්ත්‍රවාදීව පහළම තලයේ සිට ජාතික මට්ටම දක්වා පැමිණි අප රටේ තාරුණ්‍යයට මෙතෙක් කල් මෙම වැඩසටහන ක්‍රියාත්මක වූයේ ජාති, ආගම්, කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව බවත් තරුණ තරුණියන්ට තම දක්ෂතාව, කුසලතාව, සේවාව, කාර්යක්ෂමභාවය ආදී ගුණාංග තුළින් පහළ සිට ඉහළ දක්වා ඒමට හැකියාව තිබුණත් අද ඒ ගමනට දේශපාලනය හරස් වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

නිදහස් තරුණයා ජවිපේ ගෝලයන් බවට පත් කරන නින්දිත දේශපාලන ප්‍රවාහය ප්‍රතික්ෂේප කරනවා

තරුණ සේවා සභාව, යෞවන සමාජ සම්මේලනය හෝ නිදහස් තාරුණ්‍යය යනු ජනතා විමුක්ති පෙරමුණේ සුවච කීකරු ගෝලයන් බවට දේශපාලන බලය යොදා පත් කර ගැනීමේ නින්දිත දේශපාලන ප්‍රවාහය ප්‍රතික්ෂේප කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් ආදි යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් ඒකරාශී කර ගෙන නැවත වරක් යෞවන සමාජ සම්මේලනය සහ තරුණ සේවා සභා ඇතුළු තාරු්‍යයේ නිදහස උදා කරන ප්‍රජාතන්ත්‍රවාදී සටනක් කරා යොමුවන බවත් පැවසීය.

අපක්ෂපාතී ආයතන අද දේශපාලනීකරණය වෙලා

අපක්ෂපාතී මේ ආයතන අද වන විට කඩාකප්පල් කර ඇති බවත් හැකියාව කුසලතාව මත යෞවන සමාජ ක්ෂේත්‍රයේ පහළ සිට ඉහළට යාමට ඇති අවස්ථාව මගහැරී ඇති බවත් මේ තනතුරු දේශපාලනඥයන් නම් කරන ගෝලයන්ගේ ලැයිස්තු මත පදනම්ව නම් කිරීම සිදුවන බවත් මෙහි දි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අහෝසි කර ඇති බවත් මන්ත්‍රී සහ ඇමති ලැයිස්තුවලට තනතුරු පත් කිරීමේ පහත් තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මේ දුර්දාන්ත පාලනයට තිත තබමු

අද වන විට ගමේ සිවිල් ආරක්ෂක කමිටුව පවා දේශපාලනීකරණය වී ඇති බවත් ඉදිරියේ දී මරණාධාර සමිති, ග්‍රාම සංවර්ධන සමිති හා කාන්තා සමිති පවා මේ දේශපාලනයට ලක්විය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලි ආඥාවක් මගින් සෑම සංවිධානයකම කෙසේ හෝ බලය ඇල්ලීමට නියෝග කර ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ මෙය සිදු කළ නොහැකි බවත් පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද රටේ ඇත්තේ එක්තරා න්‍යායික ආධිපත්‍යයකට රටේ සෑම ව්‍යුහයක්ම යටපත් කර ගැනීමේ දුර්දාන්ත ක්‍රියාවලියක් බවත් වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිලින ගමගේ ළඟින්ම සබඳතා පැවැත්වූ නීතීඥයින් පිරිසක් ගැනත් විමර්ශන. හිටපු ඇමති පුතෙකුත් ඒ අතර ?

විෂමාචාර චෝදනා එල්ල වී සිටින තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා සමග...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (අගෝස්තු 03) දිනයේදී දිවයිනේ බොහෝ...

මහලොකු විශ්වවිද්‍යාල ආචාර්යවරු ළඟ තියෙනවද හදපු පැකේජ් එකක් ? – ඇමති ලාල් වි.වි. ආචාර්යවරුන්ට සැරටම අමතයි !

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...