වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අගෝස්තු 03) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...