විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අලුත් වැඩක්: වැඩ ගොඩක් පහසුවෙයි

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 03 කොළඹ LNW:

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නව ස්ථානයකට රැගෙන ගොස් තිබෙන බව සඳහන් වේ.

ඒ , විගමණික ශ්‍රමික ප්‍රජාවගේ පහසුව වෙනුවෙන්මයි.

එම කාර්යංශය පැවසුවේ, ඒ අනුව මෙහෙවර පියස ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කර්යංශයේ අංශ 11ක් සිමන්ත්‍රා ගොඩනැගිලි පරිශ්‍රය වෙත රැගෙන ගිය බවයි.

එහිදී, එම අංශ ප්‍රධාන කාර්යාලයට ආසන්නයේ, බත්තරමුල්ල, ගනහේන, අංක 465 දරණ ස්ථානයේ එනම් සිමන්ත්‍රා ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත.

නව ස්ථානයෙන් සේවා ලබා ගැනිමේදී විගමනික ප්‍රජාවට ප්‍රධාන කාර්යාලය හා කඩිනමින් සම්බන්ධ විමට හැකි වීම විශේෂත්වයක් වේ.

තවද, සුබසාධන අංශය, ප්‍රත්‍යානුකලන අංශය, විදේශ සබඳතා II අංශය සහ ව්‍යාපාර ගැටළු නිරාකරණය කිරිමේ ඒකකය එලෙස සිමන්ත්‍රා ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, ආයතනික හා කර්මාන්ත පුහුණු අංශය, පර්යේෂණ අංශය, අලෙවිකරණ අංශය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමාජ සංවර්ධන, ජ්‍යේෂ්ඨ කළමනාකරු සමාජ සංවර්ධන සහ IM Japan ඒකකයද එලෙස සිමන්ත්‍රා ගොඩනැගිල්ලේ ස්ථාපිත කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...