නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW:
හර්ෂිතා සමරවික්‍රම මේ වන විට පළමු පෙළ ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලකුණු ලබා ගැනීමෙන් පෙරමුණේ පසුවෙනවා.නාවික හමුදාව නියෝජනය කරන හර්ෂිතා,මේ වන විට තරගාවලියේ වාර්තා වුණ එකම ශතකයට ද හිමිකම් කියමින් ඉදිරියෙන් සිටීම කැපී පෙනෙනවා.
පන්දු යැවීමේදී ඉදරියෙන් සිටින්නේ ගුවන් හමුදාව නියෝජනය කරන ඉනෝසි ප්‍රනාන්දු යි.පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරන යසන්ති හේරත් කඩුලු 6 ක් ලබාගෙන ඉනෝසිට පසුපසින් සිටිනවා.
අද (අගෝස්තු 3) සහ හෙට සහ අනිද්දා තරග පැවත්වෙන අතර දැනට තරග දෙකක් නිමාවේ ත්‍රිවිධ හමුදා ඉදිරිපත් කර ඇති කණ්ඩායම් සහ චිලව් මේරියන්ස් කණ්ඩායම අපරාජිතව දසකම් දක්වමින් සිටිනවා.මේ කණ්ඩායම් අතර එකිනෙකා හමුවිමක් දැකිය හැක්කේ පස්වන දා යි.එදින නාවික හමුදාව සහ ගුවන් හමුදාව මුණ ගැසීමට නියමිතව තිබෙනවා.
