සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් මොස්කව්හි වෙළඳ හවුල්කරුවන්ට එරෙහිව ලබන සතියේ එක්සත් ජනපදය සම්බාධක පනවන බවට කෙරෙන තර්ජනය නොතකා රුසියාවෙන් දිගටම බොරතෙල් මිලදී ගන්නා බවට ඉන්දියාව සඳහන් කර තිබේ.
ගෙවුණු සතියේදී යුක්රේන යුද්ධය මැඩ පැවැත්වීමට රුසියාව සහය නොදැක්වීම හේතුවෙන් රුසියාවෙන් ආයුධ සහ බලශක්තිය මිලදී ගැනීම වැලැක්වීම සඳහා ඇමරිකාව විසින් සියලුම ඉන්දියානු භාණ්ඩ සඳහා 25% ක තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඉන්දියාව මේ බව නිවේදනය කර ඇත.
මේ සමබන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබුණේ, රුසියානු තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බවත්, රජය විසින් රුසියානු තෙල් මිලදී නොගන්නා ලෙස කිසිදු නියෝගයක් තෙල් සමාගම් වෙත සිදුකර නොමැති බවත්ය.
රුසියාව ඉන්දියාවට තෙල් සපයන ප්‍රමුඛතම සැපයුම්කරු වන අතර, ඉහළ යන පිරිවැයට එරෙහිව තම ජනගහනය ආරක්ෂා කර ගැනීම සඳහා ලාභම සැපයුම් සොයා ගත යුතු බව ඉන්දියාව පවසයි.