පලස්තීන රාජ්‍යක් ගොඩ නගන තුරු ආයුධ බිම නොතබන බව හමාස් සංවිධානය නිවේදනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්වෛරී නව පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කරන තුරු ආයුධ බිම තැබීමට එකඟ නොවන බව හමාස් සංවිධානය නිවේදනය කර තිබේ.

සටන් විරාමයක් ලබා ගැනීම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් අතර වක්‍ර සාකච්ඡා අතරතුර මෙම ප්‍රකාශය සිදුව ඇති අතර පසුගිය දින කිහිපය තුළ, ප්‍රංශය සහ කැනඩාව ඇතුළු බටහිර රටවල් ගණනාවක් පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට සැලසුම් ප්‍රකාශ කිර තිබිණි.

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය තුළ තහනම් ත්‍රස්ත කණ්ඩායමක් වන හමාස් 2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරදී පුද්ගලයින් 1,200 ක් පමණ මිය ගොස් තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණි.

එක්සත් ජාතීන්ගේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මැයි අග සිට ආහාර සොයමින් පලස්තීනුවන් 1,373 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වන අතර ඊශ්‍රායල සහ එක්සත් ජනපද සහාය ලබන ගාසා මානුෂීය පදනමේ (GHF) බෙදාහැරීමේ ස්ථාන අසල ඊශ්‍රායල හමුදාව විසින් බහුතරයක් ඝාතනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

හමාස් සංවිධානය එම ස්ථාන අසල අවුල් සහගත තත්වයක් ඇති කරන බවට ඊශ්‍රායලය චෝදනා කර ඇති අතර තම හමුදා හිතාමතාම සිවිල් වැසියන්ට වෙඩි නොතබන බව පවසයි.

කෙසේ නමුත් හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය දියත් කරන ලද ප්‍රහාර හේතුවෙන් මේ වන විට පලස්තීන වැසියන් 60,000ක් මියගොස් ඇති අතර කාන්තාවන් හා දරුවන් අතුලුව  146,000ක් තුවාල ලබා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Kuril Islands ආසන්නයේ අදත් භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද...

ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් නෑ – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW: වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි...

බංග්ලාදේශයේ හිටපු නායිකා ෂෙයික් හසීනාට එරෙහි නඩු විභාගය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශ නායිකා ෂෙයික්...