මේක මීගමුවට වඩා වෙනස්. කවුරු හරි එළියේ ඉඳන් බන්ධනාගාර ගැටුම් මෙහෙයවනවාද සැකයි – ඇමති හර්ෂණ

කවුරුන් හෝ විසින් පිටත සිටිමින් බන්ධනාගාර තුළ ගැටුම් ඇතිවීමට මෙහයවනවාදැයි සැකයක් ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

“තදබදයත් හේතුවක් විය හැකියි. නමුත් මෙතන ඊට වඩා දෙයක් තියෙනවාද කියලා පරීක්ෂණ කරලා හොයාගන්න ඕනෙ. මේක මීගමුවේ ඇතිවෙච්ච සිද්ධියට වඩා වෙනස්. මෙතන ලැබිලා තියෙන තොරතුරු අනුව බන්ධනාගාරයේ පරිපාලනයත් එක්ක තමයි ගැටුම හදාගන්නෙ. මේකට මූලික වශයෙන්ම අපිට තියෙන තොරතුරක් තමයි, ඔබ දන්නවා අපි මත්ද්‍රව්‍යවලට එරෙහිව ලොකු සටනක ඉන්නවා. ඒ සටන නිසා හිරගෙවල් තුළට යන මත්ද්‍රව්‍ය ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. මේකත් එක හේතුවක් වෙන්න පුළුවන්. තදබදය මං හිතන්නෙ අවුරුදු එකහමාරක් – දෙකක් තිස්සෙ නෙවෙයි, අපේ රජය එන්නත් කලින් ඉඳලා තිබුණෙ තදබදය. තදබදය නිසාම මේ වගේ ගැටුම් ඇතිවෙන්න හේතුවක් නැහැ. නමුත් තදබදය අඩුකිරීමත් අත්‍යාවශ්‍ය සාධකයක් වෙලා තිබෙනවා. එක පැත්තකින් මේක අඩුකිරීමට උත්සාහ කිරීම ආරම්භ කරලා තියෙන්නෙ. තියෙන රිමාන්ඩ් බන්ධනාගාරවල සහ අනෙකුත් බන්ධනාගාරවල භෞතික අවකාශය වැඩිකරන්න. ඊට අමතරව අපි හොයාගෙන තියෙනවා රසපරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා පුද්ගලයින්ට ඇප ගැනීමට බාධාවක් තිබෙන බව. 2022 විෂවර්ග අබිං සහ මත්ද්‍රව්‍ය පනතට සංශෝධනයක් ගෙනාවා, ග්‍රෑම් 10ට වැඩි නම් කොළඹ අභියාචනාධිකරණයට එන්න ඕනෙ ඇප ලබාගන්න. ඒකෙන් ඔවුන්ට නඩුව පවරාගෙන්නත් රසපරීක්ෂණ වාර්තා එනකල් අවුරුද්දක් විතර ඉන්න වුණා. අපි දැන් සංශෝධනයක් කැබිනට් මණ්ඩලයට ගෙනාවා, දළ බර ග්‍රෑම් 100 ට වඩා අඩු නම් මහාධිකරණයෙන් ඇප ලබාගන්න පුළුවන් ප්‍රතිසංස්කරණයක් අපි සකස් කරලා ඉදිරිපත් කරනවා. ඒ හරහාත් මේ තදබදය අඩුකරගන්න පුළුවන් වෙයි. නමුත් යතාර්ථය තමයි මේ බන්ධනාගාරගත වෙන ජනතාව නවත්වාගන්න සමාජීය වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍යයයි. දැන් ඉන්න සංඛ්‍යාවෙන් මං හිතන්නෙ 30,000ක් විතර ඉන්නෙ රිමාන්ඩ් කට්ටිය. 10,000ක් විතර තමයි වැරදිකාරයො වෙලා ඉන්නෙ. ඒ රිමාන්ඩ් තිස්දාහෙනුත් 23,000ක් විතර මත්ද්‍රව්‍ය. මෙතන රටේ සමාජයටත් වගකීමක් තියෙනවා මේ මත්ද්‍රව්‍ය නවත්වාගන්න නිවාරණයට අවශ්‍ය සමාජීය වැඩපිළිවෙලක් කරන්න. දැන් සමහර ඔය මොරටුවේ එහෙම වඩු කර්මාන්තය කරන අය හවස හයේ ඉඳන් උදේ හය වෙනකල් වැඩකරනවා. මං අහනවා කොහොමද එහෙම වැඩකරන්නෙ කියලා. මොකද පඩියක් දෙන්නෙ නෑ, අයිස් පැකට් එක විතරයි දෙන්නෙ. ඉතින් තමන් ගාව වැඩකරන මිනිස්සුන්ට පඩියක් නොගෙවා අයිස්වලින් ගෙවන සමාජයක් ඉන්නකොට මේක නීතියෙන් විතරක්ම බේරන්න බෑ. මොකද අපි නීතිය හරහා කරන්නෙ සැපයුම නවත්වන්න අවශ්‍ය දේනෙ. නමුත් ඉල්ලුමත් නවත්වාගන්න එපායැ. ඒකට අවශ්‍ය සමාජ ක්‍රියාත්වයත් එක්ක අපි අවශ්‍ය සියලුම දේ කරමින් ඉන්නවා. නමුත් අමාරු පරිවර්තනීය කාලයක තමයි මේ යන්නෙ. මට සැකයක් පමණයි තියෙන්නෙ, මේක යම්කිසි සංවිධානාත්මක ආකාරයකින් එළියෙන් මෙහෙයවෙනවාද කියන එකත් අපි පොඩ්ඩක් හොයලා බලන්නට ඕනෙ. මොකද මෙච්චර කාලයක් මේ වගේ හේතු නැතිව මෙහෙම තත්වයන් ඉස්මතු වුණේ නැහැ. ඒක නිසා ඒක අපි අදාළ අංශවලට භාරදෙමු ඒ ගැනත් හොයලා බලන්න”

හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...