රෂිකා හෙන්නායක අගෝස්තු 03 , කොළඹ LNW :
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැති 2026 ලෝක පාසල් විවාද ශූරතාවලියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණයක් අත්කරගත් බව වාර්තා වේ.
රටවල් 80කට අධික සංඛ්‍යාවක් අභිබවා මූලික වටයේදී ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔවුන් සමත් වූ අතර, මෙය මෙරට විවාද ඉතිහාසයේ සනිටුහන් වූ ඉහළම ජයග්‍රහණයයි.
කණ්ඩායමේ සාර්ථකත්වයට අමතරව, සවිත් විජේසුන්දර සහ රුදේශ් රාම් වැනි සිසුන් විශිෂ්ටතම කථිකයන් ලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ පාසල් විවාද ක්ෂේත්රයේ ගුණාත්මක වර්ධනය සහ අනාගත පරපුරට ඇති වන ධනාත්මක බලපෑම මැනවින් පෙන්නුම් කරයි.


