පන්දම් එළියෙන් මිහින්තලේ ගිය සංචාරකයෝ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මිහින්තලය රජමහා විහාරයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇති අතර , එම විහාරය විසින් විදුලිබල මණ්ඩලය වෙත ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 40කට අධික වන බවයි පැවසෙන්නේ.

මෙසේ විදුලිය විසන්ධි කළ මොහොතේ විදෙස් ජාතික සංචාරකයින් පිරිසක් අද රාත්‍රියේ මිහින්තලය පුදබිම වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

පුදබිම ආශ්‍රිතව විදුලිය විසන්ධි කර තිබීම හේතුවෙන් එම සංචාරකයින් හට මිහින්තලය තරණය කිරීමට සිදුවූයේ පන්දම් දල්වාගනිමින් වන අතර , මිහින්තලේ රජ මහා විහාරයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය අද කටයුතු කළේය.

මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමි අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ , තමන් පාලකයින්ට විරුද්ධව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් මෙය සිදුකර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...