පන්දම් එළියෙන් මිහින්තලේ ගිය සංචාරකයෝ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මිහින්තලය රජමහා විහාරයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇති අතර , එම විහාරය විසින් විදුලිබල මණ්ඩලය වෙත ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 40කට අධික වන බවයි පැවසෙන්නේ.

මෙසේ විදුලිය විසන්ධි කළ මොහොතේ විදෙස් ජාතික සංචාරකයින් පිරිසක් අද රාත්‍රියේ මිහින්තලය පුදබිම වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

පුදබිම ආශ්‍රිතව විදුලිය විසන්ධි කර තිබීම හේතුවෙන් එම සංචාරකයින් හට මිහින්තලය තරණය කිරීමට සිදුවූයේ පන්දම් දල්වාගනිමින් වන අතර , මිහින්තලේ රජ මහා විහාරයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය අද කටයුතු කළේය.

මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමි අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ , තමන් පාලකයින්ට විරුද්ධව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් මෙය සිදුකර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...