පෙරපාසලේ සිට අධ්‍යාපනය විධිමත් විය යුතුයි  –  අධ්‍යාපන ඇමති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බෝමිරිය ජාතික පාසලේ අද (03) පැවති උත්සවයකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ , අධ්‍යාපනය අතරමග දී සැකසිය නොහැකි අතර එය පෙරපාසලේ සිට ඉතා විධිමත් ව සැකසිය යුතු බවයි .

  දිවයින පුරා විසිරී සිටින විවිධ වර්ගවල පෙරපාසල් 19,000ක සිටින 40,000ක් පමණ වන පෙරපාසල් ගුරුවරුන්ට නිශ්චිත වූ පුහුණුවක් හා ඩිප්ලෝමාවක් ලබා දී ඉදිරියේ දී එම විධිමත් සහතික අනුව පමණක් පෙරපාසල් ආරම්භ කිරීමට අවසරය ලබාදෙන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසූවේ.

තවදුරටත්  අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේ, ප්‍රාථමික අධ්‍යාපනයේ අඩිතාලම වැටෙන පෙරපාසල් අධ්‍යාපනය කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...