නැගෙනහිර බැඩ්මින්ටන් හෙට දවසට පාර කැපෙයි

Date:

බැඩ්මින්ටන් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් අනාගත පරපුර සූදානම් කර ඊට පහසුකම් සම්පාදනය කිරීමේ අරමුණ ඇතිව දිස්ත්‍රික් මට්ටමෙන් අවුරුදු 13 න් පහළ පුහුණු සංචිත ආරම්භ කිරීමේ වැඩ සටහන අම්පාර,මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ආශ්‍රිතව ක්‍රියාවට නැඟුණා.ශ්‍රී ලංකා බැඩම්නිටන් සම්මේලනයේ සභාපති රොහාන් ද සිල්වා ගේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩ පිළිවෙල මෙහෙයවීමේ වගකීම් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් හී ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් උප සභාපති රොෂාන් ගුණවර්ධනගේ මඟ පෙන්වීම යටත් සිදු වෙනවා.
මෙම ආරම්භක අවස්ථාවන් සියල්ලට එම කමිටු සභාපතිවරයා ලෙස රොෂාන් ගුණවර්ධනගේ සහභාගී වීම කැපී පෙනෙන අතර නැගෙනහිර පළාතේ එම පුහුණු සංචිත ආරම්භක කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ රොෂාන් ගුණවර්ධන පෙන්වා දුන්නේ නැගෙනහිර පළාතේ මේ රටේ ප්‍රධාන වශයෙන් ජිවත්වන සිංහල,දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් සිසු – සිසුවියන් නියෝජනය කිරීම කැපී පෙනෙන බවයි.වෙනත් පළාත් අභිබවා මෙහි ඇති එම විවිධත්වයට අදාළ අනන්‍යථාවයන් නොසළකා සුදුස්සාට නිසි අවස්ථාව පෙරට ඒම සඳහා ලබා දීම ශ්‍රී ලංකා බැඩිමින්ටන් හී අපේක්ෂාව බවත් රොෂාන් ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් අදහස් දකිවද්දී පැවසීය.


රටම ආවරණය වන පරිදි දිස්ත්‍රික් පුරා මෙම වැඩ පිළිවෙල මෙහෙයවීමට අපේක්ෂා කරන බව පැවසූ ශී ලංකා බැඩ්මින්ටන් හි මෙම ව්‍යාපෘතිය භාර,ශ්‍රී ලංකා බැඩිමින්ටන් උප සභාපති රොෂාන් ගුණවර්ධන මෙම වැඩ සටහන සඳහා මසකට රුපියල් 40 – 50 ක් වැය වන බවත්,එම වියදම දරන්නට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා සිය ආයතනයක් වන මොබිල් අනුග්‍රහයම ලබා දීමට ඉදිරිපත් වීම පැසසුම් සපිරි ක්‍රියාවක් බව ද පෙන්වා දුන්නේය.


දිස්ත්‍රික්ක තුනේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට සම්බන්ධ පිරිස් මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයත්,අධ්‍යාපන අමාත්‍යංශයේ එම දිස්ත්‍රික් සහ පළාත් හී ක්‍රීඩාවන් හී තනතුරු නිලධාරීන්ටත් මෙම අවස්ථාවට ආරාධනා කර තිබුණ අතර අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එහි දිස්ත්‍රික් බැඩිමින්ටන් සංවර්ධන සභාපති වෛද්‍ය තිලක් රාජපක්ෂ,මඩකලපුව නියෝජනය කරමින් එහි දිස්ත්‍රික් බැඩිමින්ටන් සභාපති රාජන් යන මහත්වරුන්ද ත්‍රිකුණාමලය වෙනුවෙන් එම දිස්ත්‍රික්කයේ බැඩිමින්ටන් සභාපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ යන අයද එම අවස්ථාවන් හී සමාරම්භය හැඩ කරන්නට එක්ව සිටියහ.
මෙම අවස්ථාවට එක් වි සිටි දෙමව්පියන්,ක්‍රීඩා පුහුණුකරුවන්,ගුරුවරුන් මෙන්ම විවිධාකාර වගකීම් හරහා මෙම අවස්ථාවන්ට එක් වූ සියලු දෙනාම පාහේ කොළමින් නික්ම ගමේ බැඩ්මින්ටන් හරහා රටේ බැඩ්මින්ටන් අනාගතයේ යහපත වෙනුවෙන් දරන මෙම වෑයමට සුභාශිංෂන එක් කළහ.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දයාසිරි ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයට...

බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!

කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...