ලිවර්පූල්, ස්වුත්පොර්ට් ප්‍රදේශයේ කලබල සහ ගැටුම්

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එංගලන්තයේ ප්‍රදේශ කිහිපයක කලබල සහ ගැටුම් ඇතිවී ඇති බව වාර්තා වෙයි. ඒ ලිවර්පූල්, ස්වුත්පොර්ට් ප්‍රදේශයේදී පිහියෙන් ඇන ගැහැණු දරුවන් තිදෙනෙක් ඝාතනය කිරීමෙන් අනතුරුව බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (03) එංගලන්තයේ නගර කිහිපයක කලබලකාරී තත්ත්වයන් වාර්තා වූ බවත්, ඉන් පොලිස් නිලධාරීන් ට තුවාල සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එසේම දේපොළ විනාශ කිරීමේ සිදුවීම් ද වාර්තා විය. වසර 13කට පසුව එරටින් වාර්තා වූ දරුණුතම කලබලකාරී තත්ත්වය මෙය බව සඳහන් ය. විශේෂයෙන්ම සංක්‍රමණික විරෝධීන් විසින් උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.

එරට පොලීසිය පවසන්නේ ගැහැණු දරුවන් තිදෙනා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි තරුණයා රැඩිකල්කරණය වූ මුස්ලිම් සංක්‍රමණිකයෙක් බවට කටකතා පැතිරගොස් ඇති බවත් ඒ හේතුවෙන් සංක්‍රමණික විරෝධීන් කලබල ඇතිකරන බවත් එරට මාධ්‍ය වාතා ලරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ: මොඩියුලර් ගැන නවතම තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර්...

අමරිකාවෙන් මෙරටට ලැබෙන අපූරු ප්‍රදානය!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අමෙරිකා එක්සත් ජනපදය...

ටෙහෙරාන් සහ අනෙකුත් ඉරාන නගරවල දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

හොර සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ගත් අයගේ විශ්‍රාම වැටුප අර්බුදයක – ඇමති වාර්තාවක් කැඳවයි!

කොළඹ LNW:ව්‍යාජ සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ලබාගත් අයගේ විශ්‍රාම...