සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් රාජධානියේ නගර පුරා ක්‍රියාත්මක වෙමින් පවතින අන්ත දක්ෂිණාංශික කෝළහාල වලට සම්බන්ධ පුද්ගලයන් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Hull, Liverpool, Bristol, Manchester, Stoke-on-Trent, Blackpool සහ Belfast හි නොසන්සුන්තාවයන් ඇතිව ඇති අතර කෝලහාල වලට අමතරව සාප්පු කොල්ලකෑම් ආදී ප්රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා වී ඇත.
පසුගිය සඳුදා(29) සවුත්පෝර්ට් හි ටේලර් ස්විෆ්ට් තේමාවෙන් යුත් නර්තන සාදයක දී තරුණ ගැහැණු ළමයින් තිදෙනෙකු මරා දැමීමෙන් පසු ආතතීන් ඉහළ ගිය අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර්තිමත් කියාර් ස්ටාමා සඳහන් කර තිබුණේ, වෛරය වැපිරීමට උත්සාහ කරන අන්තවාදීන්ට එරෙහිව පියවර ගැනීමට හා අපගේ වීදි ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය පොලිස් හමුදාවන්ට පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.