පොදු පෙරමුණේ නව බලාපොරොත්තුව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරගිය ඇතැම් දේශපාලන පක්ෂවල නියෝජිතයින් සමග මූලික අදියරේ සාකච්ඡාවක් අද දිනයේද පැවැත්වෙන බව වාර්තා වේ.

පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ, එම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග පැවැත්වෙන බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් පැවසුවේ, ඉදිරියේදී ආණ්ඩු බලය දිනාගත හැකි පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව බොහෝ දේශපාලන පක්‍ෂවලටද වැටහී ඇති බවයි.