Sochi තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

Sochi තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙන බව වාර්තා වේ. ඒ රුසියාවේ නොවොකුයිබයි ෂෙව්ස්ක් ප්‍රදේශයේදීය. 

රුසියාව චෝදනා කරන්නේ, එම ප්‍රහාරවලට යුක්‍රේනය වගකිව යුතු බවයි. ඩ්‍රෝන යානයේ සුන්බුන් තෙල් පිරිපහදු සංකීර්ණයේ ගැටීමෙන් එහි ගින්නක්ද හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 127 දෙනෙකු යොදවා ඇති අතර මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වේ.එම ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කිසිදු ජිවිත හානියක් වාර්තා වී නොමැත.

ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනය පවසන්නේ රුසියවේ තෙල් පිරිපහදු, ගුවන් තොටුපළක් සහ කර්මාන්තශාලාවක් ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාර සිදු කළ බවයි. විදෙස් මාධ්‍ය පැවසුවේ, ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් සෝචි ගුවන් තොටුපළේ ගුවන් ගමන්ද තාවකාලිකව අත්හිටුවීමට එරට රජය පියවර ගනු ලැබූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...