අඛණ්ඩව වසර 12 ක් ලොව විශාලතම කාර්මික රොබෝ වෙළඳපොළ!

Date:

කොළඹ LNW:චීනය අඛණ්ඩව වසර 12 ක් ලොව විශාලතම කාර්මික රොබෝ වෙළඳපොළ බවට පත්ව තිබෙනවා.

2024 දී චීනයේ කාර්මික රොබෝ අලෙවිය ඒකක 302,000 දක්වා ළඟා වූ අතර, චීනයේ රොබෝ පේටන්ට් බලපත්‍ර අයදුම්පත් සංඛ්‍යාව අනුව ලෝකයෙන් තුනෙන් දෙකක් සඳහා දායකවී තිබීමත් විශේෂත්වයක්.

ලොව විශාලතම රොබෝ නිෂ්පාදන රට ලෙස, චීනයේ කාර්මික රොබෝ නිෂ්පාදනය 2015 දී ඒකක 33,000 සිට 2024 දී ඒකක 556,000 දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

චීනයේ කාර්මික රොබෝවරු රටේ ආර්ථිකයේ ප්‍රධාන කර්මාන්ත 71 ක සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත 236 ක භාවිත කෙරෙනවා. නිෂ්පාදන කර්මාන්තයේ රොබෝ භාවිත අනුපාතය අනුව චීනය ලොව තුන්වන ස්ථානයට පැමිණ තිබෙනවා.

එමෙන්ම ගෝලීය වාණිජ සේවා රොබෝ වෙළඳපොළේ චීනය ප්‍රධාන ස්ථානයකට පැමිණ ඇති අතර එහි වාර්ෂික වර්ධනය 34.3% ක් වනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කමාන්ඩෝ සලින්තට ගිනි අවි සහ උණ්ඩ සැපයූ කමාන්ඩෝ සෙබළෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට...

තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW : අද (19) සිට ප්‍රවාහන,...

රුමේෂ් තරංග දිණුම්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා තරග...