නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW:
ගෝලීය වශයෙන් පිළිගත් තේ සන්නාමයක් වන,මෙරට තේ අපනයනකරුවන් අතර ඉදිරියෙන්ම සිටින, සිය 25 වන සංවත්සරය සමරන Empire Teas,කැපවීම, නිවැරදි දැක්ම සහ නිර්මාණශීලී බව තුළින් පැමිණි ගමන් මඟේ ප්‍රෞඩත්වය විඳගන්නට,ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට මෙරටට ඇරයුම් කර ඇත.
අගෝස්තු 7 සිට 9 දක්වා තේ දළු නෙලීමේ පටන් කර්මාන්තශාලා තුළ තේ නිෂ්පාදනය කිරීම දක්වා වන සියලු දෑ දැක ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. පසුගිය කාලය තුළ සමාගමේ වර්ධනය වෙනුවෙන් දායක වූ විදේශීය මෙන්ම දේශීය සහකරුවන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර ඇත.
සාමාන්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වී කැපී පෙනෙන වර්ධනයක් ළඟා කර ගෙන ඇති Empire Teas මේ වන විට ශ්‍රී ලංකාවේ හොඳම තේ අපනයන සමාගම් පහ අතරින් එකකි. ඔවුන් රටවල් 70කට අධික සංඛ්‍යාවකට උසස් තත්ත්වයේ තේ කිලෝග්‍රෑම් මිලියන 14කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව අපනයනය කරයි. වර්තමානයේ සමාගමට නායකත්වය දෙන තුන් වැනි පරම්පරාව නියෝජනය කරන ලුශාන්ත ද සිල්වා ඇතුළු කණ්ඩායම නිසි තීරණ ගනිමින් කැපවීමෙන් යුතුව කටයුතු කිරීම තුළ විශාල සාර්ථකත්වයක් ලබා ඇත.
“මෙය හුදු සැමරුමක්පමණක් නොවෙයි. මෙය අප කෙරෙහි විශ්වාසය තබමින් විශිෂ්ට වර්ධනයක් ළඟා කර ගැනීමට අපට උපකාර වූ ව්‍යාපාර සහකරුවන්ට කෘතඥතාව පළ කිරීම සඳහා අවස්ථාවක්. ඉතා කුඩා ආරම්භයක පටන් හදවත්වල රැඳෙන සන්නාමයක් බවට පත් වීම සඳහා ඔවුන් දුන් දායකත්වය ඉතා ප්‍රශංසනීයයි.” ලුශාන්ත ද සිල්වා පවසයි.
Empire Teas ශ්‍රී ලංකාවට අමතරව කෙන්යාව, චීනය, ස්පාඥ්ඥය සහ නෙදර්ලන්තය වැනි රටවලද සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කර ඇත. Hyson, Thurson, Akina සහ Tea Avenue වැනි සන්නාම තුළින් Empire Teas ශ්‍රී ලාංකික තේ නාමය ලොව පුරා ගෙන යයි. මූලික වටිනාකම් සහ දැක්ම අනුව යමින් ඉදිරි කාලය තුළ සිය සාර්ථකත්වය ඉහළ නංවා ගැනීම අරමුණු කර ගත් Empire Teas වෙතින් ඔවුන්ගේම තේ සන්නාමවලට හිමිකම් කියන සමාගම් රැසක්ද තේ මිල දී ගනී.
.

.